‘ත්‍රිපෝෂ’ ‘සුපෝෂ’ වී වෙළෙඳපොලට…

March 4, 2017 at 5:30 pm | lanka C news
‘ත්‍රිපෝෂ’ ‘සුපෝෂ’ වී වෙළෙඳපොලට…

ශ්‍රී ලංකා “ත්‍රීපෝෂ” සමාගමෙි “සුපෝෂ” නව නිෂ්පාදනය වෙළෙඳපොලට හදුන්වාදීමෙි උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

කඳානේ පිහිටි ත්‍රීපෝෂ සමාගමෙි නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද ත්‍රීපෝෂවල අතිරික්තය “සුපෝෂ” ලෙස මෙලෙස වෙළෙඳපොලට හදුන්වාදෙන ලදි.

නව නිෂ්පාදනය හදුන්වාදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවෙි දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘ත්‍රිපෝෂ’ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් ලබාදුන්නේ ගැබිනි මවිවරුන්ට, කිරිදෙන මවිිවරුන්ට සහ බිලිදුන්ට පමණයි. ‘ත්‍රීපෝෂ’ සමාගෙමි නිෂ්පාදන ධාරිතාවය මෙට්ට්‍රික්ටොන් 1800 සිට 2700 දක්වා වැඩි කිරිමට අපි සමත් වුනා. ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කළ නව යන්ත්‍ර සුත්‍ර භාවිත කරමින් නව නිෂ්පාදනාගාරය ඉදිකිරීමෙන් අනතුරුව මෙට්ට්‍රික්ටොන් 900 ක අතිරික්ත නිෂ්පාදනයක් දැනට පවතිනවා. එම අතිරික්ත නිෂ්පාදනය “සුපෝෂ” ලෙස විවෘත වෙළෙඳපොලට හදුන්වාදිමට අපි තීරණය කළා. අද සිට වෙළෙඳපොලේ අනෙකුත් පෞද්ගලික සමාගම්වලට රාජ්‍ය අංශය සමග තරගකාරීව කටයුතු කරන්න සිදු වෙනවා. “ත්‍රීපෝෂ” නිෂ්පාදනය කිරීම සදහා වාර්ෂිකව තිරිගු මෙට්ට්‍රික්ටොන් 20,000 ක්, සොයා ඇට මෙට්ට්‍රික්ටොන් 10,000 ක් සහ සම්පුර්ණ යොදය සහිත කිරි මෙට්ට්‍රික්ටොන් 10,000 ක් ගොවීන්ගෙන් රජය ලබාගන්නවා. නව නිෂ්පාදනය තුළින් සමාගමට අතිරික්ත මුදලක් ලැඛෙන අතර, එමගින් “ත්‍රීපෝෂ” සමාගම තවදුරටත් සංවර්ධනය කිරීමට අවස්ථාව උදා වෙනවා. රාජ්‍ය ආයතන දියුණු කිරිම මගේ අරමුණයි. ගත වූ කාලය තුල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පමණක් සියයට 161.6 ක වර්ධනයක් ලබා තිඛෙනවා.”

මෙම මාධ්‍ය හමුවෙන් පසු “සුපෝෂ” වෙළෙඳපොලට හදුන්වාදීමෙි උත්සවය පැවැත්විනි. එහිදී “සුපෝෂ” නව වෙබි අඩවිය සහ අලෙවි නියෝජිතයින්ට සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුනේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකමි විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය අතිනි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

285 views

7 Comments to “‘ත්‍රිපෝෂ’ ‘සුපෝෂ’ වී වෙළෙඳපොලට…”

  1. Saradiel says:

    මේවා වැඩියක්ම දෙන්නේ සෝමාලියාවට දැන් අපේ රටත් ඒ ගනයට ඇවිල්ලා

  2. saman says:

    කලින් රජය යටතේ ජාතික පෝෂණ කාර්යාලය මගින් දැයේ ජයක් පෝෂණයෙන් පිරුන හෙටක් යන අරමුණින් වසර 2016 දී ඉටු කිරීමට සලසුම් කල මෙම කටයුත්ත දැන් වත් ඉටු වෙන එක සතුටක්. දරුවන්ට පාන් පිටි කෑම, කඩචෝරු වෙනුවට මේ සුපෝෂ ගුලියක් දෙන්න.

  3. Chathura says:

    Earlier Threeposha packing was done by Ceylon Tobacco Company. Now who owns this new company????

  4. Jarajika says:

    I think that thing is pretty good

  5. nakura says:

    ගිය සතියේ මම ත්‍රිපොෂ ගන්න සයනයට ගියාම ප්‍රමාණවත් පැකට් නොතිබුණු නිසා අම්මා ගොඩකට හැරිලා යන්න උනා. වෙනද මගේ ළමයි දෙන්නටම ත්‍රිපෝෂ ලැබෙනවා එත් දැන් ළමයි ගණන කොපමණ උනත් පවුලටම දෙන්නේ එක ළමයකුට ලැබෙන ගනනමයි . මට තේරෙන්නේ නෑ නිෂ්පාදන වැඩි වෙලති මෙම්හෙම උනේ අයි කියල.

    • saman says:

      ත්රිිපෝෂ හැම දරුවටම දෙන්නේ නැහැ. ගර්භනී මව්වරු, කිරිදෙන මව්වරු හා මාස 6ට වැඩි ඒත් නියමිත බර අඩු දරුවන්ටයි දෙන්නේ (මාස 6 සිට අවුරුද්දක් වයස බබාලට දෙනවද කියල මට මතක නැහැ). මීට අමතරව කන්න කැමති අයටයි වෙළඳපොලෙන් ගන්න අවස්ථාව දෙන්නේ.
      ගම්වලට සැපයුම නිසි ලෙස වෙන්නේ නැහැ තමයි, ඒ ගැන complain කරන්න,

  6. Champa says:

    This looks like a good initiative. Is the price affordable?

    Are there any more similar nutritious products? If so, an Assorted Value Pack can be introduced to the market so that the low income families can be benefitted.

Main News