ත්‍රිවිල් අණතුරු දෙකකින් එක් අයෙකු මියයි නවදෙනෙකුට තුවාල…

August 27, 2018 at 8:02 am | lanka C news
ත්‍රිවිල් අණතුරු දෙකකින් එක් අයෙකු මියයි නවදෙනෙකුට තුවාල…

දඹුල්ල කැකිරාව ඒ-9 මාර්ගයේ ත්‍රිවිල් රථ අණතුරු දෙකකින් එක් අයෙකු මියගොස් ⁣ගොස් නව දෙනකු දඹුල්ල රොහලට ඇතුලත් කල බව කැකිරාව පොලිසිය කියයි.

⁣පලමු අණතුර පොහොදා රාත්‍රී සිදුවු බවත් එයින් රොහල් සේවයේ සිට විශ්‍රාමික 70හැවිරිදි පුද්ගලයකු මිය ගිය බවත් ඔහු පදවාගෙන ආ ත්‍රිවිල් රථය පෙරලියැමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇතිබවද පවසයි.

ඒ අතර එම ස්ථානයේදිම මහනුවර දළදාපෙරහැර බලන්න ගොස් ආපසු එමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ඩිසල් ත්‍රිවිල් රථයක් නවතා තිබු ත්‍රිවිලයක වැදි පාරෙන් ඉට පැන පෙරලි යෑමෙන්එහි ගමන් ගත් නව(9) දෙනකු තුවාල ලැබ දඹුල්ල රොහලට ඇතුලත් කලබව පවසයි.

ඔවුන්ව රැගත් ත්‍රිවිල් රථ රියදුරාට නින්ද යෑමෙන් මෙම අණතුර සිදුවන්ට ඇතැයි ⁣කැකිරාව පොලිසිය පවසයි.

දඹුල්ල රොහලට ඇතුලත් කල වුන් අනුරාධපුරයේ පදිංචි එකම පවුලේ පිරිසක් බවතත් ඔවුනගේ තත්වය බරපතල නොවන බව රොහල් ආරංචි මාර්ග පවසයි

– මහින්ද දඹුල්ල

198 views

3 Comments to “ත්‍රිවිල් අණතුරු දෙකකින් එක් අයෙකු මියයි නවදෙනෙකුට තුවාල…”

  1. දඹුලු මරු පාර says:

    එකල මැරුනෙ යුද්ධෙට දිනකට හය දෙනෙකි අනේ
    අද මැරෙනව නව දෙනෙක් රිය අනතුරු පාරෙ අනේ
    බීමතින් රියදුරු පදවයි වාහන හැටට හැටේම අනේ
    දඹුලු පාර බීමත් රියදුරාට මරු අතවනන පාර අනේ

    • ටුක් දුවයි says:

      එකල මැරුනෙ යුද්ධෙන් රටවැසි බේරන්න
      අද මැරෙන්නෙ තම වාහනය බේරා ගන්න
      ටුක් දුවයි මුලු දහවලම පොලි ගෙවා ගන්න
      බැරිවුන දිනට ටුක් ලංවෙ රෑ වෙරි බොන්න

  2. පොලිය ගෙවීම says:

    දුවයි අප රටෙ වාහන ලොවම නැති විදියට
    ගසමින් හෝන් විෂ දුමද පිට කරලද උදේට
    උරමින්‍ දුමද බබී අරක්කු වේගයේ රාත්‍රියට
    බේරයිද මරුවා නීතිය රියදුරු දැන කැඩූ විට

    බනින්නේ නම් පොලිසියට තම නිවැරදිම වාගේ
    අසරණ කරල පවුලම පා ගමනින් යන දුගියාගේ
    දඩ ගෙවල මන්ත්‍රී කෙරුමට කියල නොකල වගේ
    මැරිල උපදිනවා කල වරද නිදි නැති මතකෙ වගේ

    ඉන්‍ෂුවරන්ස් තියලා පොලියට වාහනේ අරන්
    ජීවිතයම පොලියට තියලාම පෙට්‍රරල්ද ගසන්
    ණයම බරවෙලා ජීවිතයෙ තිබුන සතුට බිඳන්
    අමතක වෙන්න බොයි වෙරිපැන් රියදුර ඉඳන්

Main News