ත්රිවිල් වෑන් රථ ගැටුමෙන් දෙදනෙකු මිය යයි.. එක් අයකුට බරපතලයි..
April 18, 2019 at 8:40 am | lanka C news
දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල කංඩලම පාරේ සිදුවු වෑන්රථයක් හා ත්රිවිල් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ත්රිවිල් රථයේ ගමන්ගත් දෙදෙනකු බලපතල තුවාල ලැබ දඹුල්ල රොහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගියේය.
මෙසේ මිය ගොස් ඇත්තේ එකම පවුලේ සහොදරයකු හා සහොදරියකි ඔවුන් දඹුල්ල ලේනව ප්රදේශයේ පදිංචි කරුවන් වන විඩො ගෙදර විදුසර චමත් කල්හාර (4 මා6) විඩ්ඩො ගෙදර සදුනි අමරසිංහ ( 22) අයයි.
නිමල් අමරසිංහ (පියා) බරපතල තුවාල ලැබ දඹුල්ල වීරඩෙන්සිල් කොබ්බැකඩුව රොහලේ ප්රථිකාර ලබයි.
වැන්රථයේ රියදුරා අත්වඩංගුවට ගෙන ඇති අතර අණතුර පිලිබදව දඹුල්ල පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ පවත්වයි
මේ අතර දඹුල්ල පොලොන්නරුව පාරේ ඉනාමලුව ප්රදේයේදි කාන්තාවක් පැදවු යතුරු පැදියක් තවතු යතුරු පැදියක ගැටිමෙන් පසු දෙදනාම දඹුල්ල රොහලට ඇකුලත් කොට ඇති අතර කාන්තාව මිය ගොස් ඇතිි බව රොහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ඉනාමලුව බෙල්ංලන්නඔය ප්රදේශයේ පදිංචි කාරියක් වු විජේතුංග මුදියාංසේලාගේ ගංගානි කුමාරි විජේතුංග ( 26 ) නැමැත්තියකි.
තුවාල ලැබු යතුරපැදිනරු ආධුනික සෙබලෙකි. ඔහු දඹුල්ල රොහලේ ප්රතිකාර ලබයි. අණතුර පිලිබදව සිගිරිය පොලිසය පරික්ෂණ පවත්වයි.
– මහින්ද උදයසිරි දඹුල්ල
Maga maruwa thahanam karanu.