ත්‍රීරෝද රථයෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුවියකට රියදුරා බ්ලූ ෆිල්ම් පෙන්වයි..

March 18, 2021 at 4:40 pm | lanka C news
ත්‍රීරෝද රථයෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුවියකට රියදුරා බ්ලූ ෆිල්ම් පෙන්වයි..

පාසලට කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටී පාසල් සිසුවියකට ගමන අතරමගදී ජංගම දුරකථනයෙන් විදේශීය නිල් චිත්‍රපටයක අසභ්‍ය දසුන් ඇයගේ අකමැත්තෙන් පෙන්වා හිංසනයට ලක් කළ බව කියන විශ්‍රාමික හමුදා සෙබළ සැකකරුවකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

මොරගල්ල ප්‍රදේශයේ සිට අලුත්ගම නගරයේ පාසලට ත්‍රීරෝද රථයෙන් ඇරලවන්නෑයි එම සිසුවියගේ මව අසල්වැසි 52 හැවිරිදි ත්‍රීරෝද රියදුරාට තම දාසය හැවිරිදි දියණිය බාරදී තිබේ.

සැකකරු ත්‍රිරෝද රථය පනගන්වා ගාලුපාර ඔස්සේ අලුත්ගමට ගමන් කරන අතරතුර දී මඳ දුරක් පැමිණ ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අසැබි දසූ නක් එම සිසුවියට බලන්න දී ඇති අතර එම අවස්ථාවේම එම සිසුවිය එය ප්‍රතික්ෂේප කර කෑ ගසා ත්‍රීරෝද රථය වේගය අඩු කරනවාත් සමගම කාලවිල වත්ත ප්‍රදේශයේදී ඉන් පැන තිබේ .

මෙම සිසුවිය ගේ කෑගැසීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන් පිරිසක් රැස්වීමෙන් සිසුවිය කාරණය ඔවුන්ට පවසා සිය මව ගෙන් වා අලුත්ගම පොලීසියට ගොස් පැමිණිලි කර තිබේ .

එම අවස්ථාවේ පලා ගොස් සිටි ත්‍රීරෝද රථ රියදුරා පැය කීපයකින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම සැකකරු යුද හමුදාවේන් විශ්‍රාම ලබා කුලී පදනම මත ත්‍රීරෝද රථයක් ජංගම දුරකථන ඇමතුම් මත ධාවනය කරන්නෙකු බවත් අසල්වාසි අයකු නිසා තම දියණිය එම ත්‍රිරෝද ත්‍රීරෝද රථයෙන් විශ්වාසයක් ඇතිව පිටත්කර බවත් එම සිද්ධියට මුහුණ දුන් සිසුවියගේ මව පොලිසියට පවසා තිබේ .

සැකකරු සමඟ එම ත්‍රිරෝද රථය සහ අසභ්‍ය දසුන් පෙන්වූ බව කියන ජංගම දුරකථනය පොලිස් භාරයට ගත් බව කියයි . ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

46,130 views

6 Comments to “ත්‍රීරෝද රථයෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුවියකට රියදුරා බ්ලූ ෆිල්ම් පෙන්වයි..”

  1. sanga says:

    Onna Training Deela Hadanna Puluwan kiyapu Winaya …

    • SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

      Aiyyo PIMPI wada karana apita mewa monada

      PIMP wadak karagena SALLI hoyanada tiyenawanam mare maru

  2. aniwa says:

    රණ විරුවෙක් නම් ඉතින් කරන්න දෙයක් නෑ
    ඔය දරුවට විරුද්දව නඩු වැටෙයි වැඩිය කෑ ගහන්න ගියොත්
    ඇත දරුවොත් කපා කොටා දැමුවත් රණවිරුවෙකු නම් නිදහස්
    ජය වේවා ස !

    • SALMAL says:

      @aniwa
      LTTE ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාගත් හමුදා නිලධාරින් තමයි රණ විරුවෝ ..එක පුද්ගලයෙක් කරපු වැරැද්දකට සියලුම හමුදා නිලධාරීන්ට අවමන් කරන්න එපා බූරුවෝ …අත දරුවොත් කපා කොටා දැමුවේ රණවිරුවෝ නොවේ මෙලෙච්චේද දෙමල කොටි LTTE ත්‍රස්තවාදීන් සහ බෝම්බ පුපුරවලා මිනිස්සු මැරුවේ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් බව උබට අමතකද ? රණවිරුවන්ට චෝදනා නොකර සිටපන් ….අද උබ නිදහසේ මේ රටේ ජිවත් වෙන්නේ රණවිරුවන් කල කැප කිරීම් නිසයි ..උබ වැනි නරුමයෝ අපේ රටට පිළිලයක්

      • Aniwa says:

        ඔයා නම් අනිව ජෙප්පෙක්. ඒක තමයි මම කිව්වේ රණවිරුවන්ට අපහාස කරන්න එපා කියලා. අපේ සර් එක්ක සෙල්ලම් නෑ. කිසිම රණවිරුවෙකුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. ජය වේවා රණවිරුවනි ජය වේවා අපේ සර්!

  3. Boris says:

    As where the head goes the tail follows. Crime rate in SL has gone way beyond uncontrollable proportions…

Main News