තාත්තගේ අවමගුලෙනුත් මහානාම ගසා කෑවා..- MKDSගේ පුතා කියයි..

May 10, 2018 at 12:40 pm | lanka C news
තාත්තගේ අවමගුලෙනුත් මහානාම ගසා කෑවා..- MKDSගේ පුතා කියයි..

හිටපු ඉඩම් අමාත්‍යවරයා සම්බන්ධ කරමින් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට පත්වූ මහානාම මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව එම අමාත්‍යවරයාගේ පුත් නලීන් ගුණවර්ධන මහතා පවසයි.

මානව හිමිකම් කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.

තම පියා වන එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කර්මාන්ත ශාලාවේ ආයෝජකයන්ගෙන් මුදල් ඉල්ලා සිටි බව පැවැසීම අසත්‍ය ප්‍රකාශයක් බවත් එවකට එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළේ තමා බවත් නලීන් ගුණවර්ධන මහතා පැවැසීය.

නමුත් තම පියාණන් වන හිටපු ඉඩම් අමාත්‍යවරයා ප්‍රතිකාර ලබමින් එංගලන්තයේ සිටියදී කළුතර බෝධියේ ඉඩම් ඔප්පුවක් ලබාදීමට අස්සන් ලබා ගැනීමට මහානාම නමැත්තා පැමිණි බවත් එසේම ආයෝජකයකු සොයා ගැනීම එම ගමනෙ දෙවැනි අරමුණ වූ බවත් නලීන් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

තම පියා කිසිදු අල්ලස් ගැනීමකට සම්බන්ධ නොමැති බවත් ඊට පසු එම අමාත්‍යාංශයේ ඇමැතිවරයා වූ ජෝන් අමරතුංග මහතා මෙම යකඩ ටෙන්ඩරය නාවික හමුදාවේ ඉහළ පුද්ගලයකුගේ බිරියකට ලබාදීමට උත්සාහ කළ බවත් ගයන්ත කරුණාතිලක මහතා ඉඩම් අමාත්‍යවරයා වීමෙන් එම අවස්ථාව අහිමි වූ බවත්ය.

කෙසේ වුවද තම පියා මරණ මංචකයේදී ජීවත් වූයේද ඉඩම් රෙජිස්ට්‍රාර් කොමිසමේ පැරණි නිල නිවෙසක බවත් තම පියා මියගිය පසු එම අවමඟුල් උත්සවයෙන්ද මහානාම මහතා ගසා කෑ බව කීවේය.

– mawbima

43 views
Main News