තාත්තා වතුර උගුරක්වත් නොබී දින ගණන් බංකුවේ වාඩිවී සිටියා.. චතුරිකා සිරිසේනට දෙවෙනි වු පේෂල මහ ඇමති.. [Video]

October 15, 2016 at 10:00 am | lanka C news
තාත්තා වතුර උගුරක්වත් නොබී දින ගණන් බංකුවේ වාඩිවී සිටියා.. චතුරිකා සිරිසේනට දෙවෙනි වු පේෂල මහ ඇමති.. [Video]

තම පියා උදේට වතුර උගුරක්වත් නොබී දින ගණන් උසාවියේ බංකුව උඩට වී නඩු කියූ හැටි ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ක්‍රියාකාරි සැලැස්ම පිලිබඳව වූ සාකච්චාවේදී එහි නිලධාරීන්ට පැවසුවාය.

උත්සවය පැවතුනේ චතුරිකා සිරිසේනගේ ප්‍රධානාත්වයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදීය.

ඒ සඳහා උතුරු මැද පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නල පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් හා රාජ්‍ය නිලධාරින් මෙන්ම රාජ්‍ය ආයතනවල ප්‍රධානින් පිරිසක්ද සහභාගි වී සිටියහ.

රජයේ මෙම වැඩසටහන ආරම්භ කිරීමේදී මහ ඇමැතිවරයා හා දිස්ත්‍රික් ලේකම්වරයා අසුන් ගෙන සිටින්නේ එම වැඩසටහනේ ප්‍රධාන අමුත්තා වන චතුරිකා සිරිසේනගේ දෙපසිනි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව අනුව පාලත් මහ ඇමති යනු අදාළ පලාතේ ප්‍රධාන පුරවැසියායි. එමෙන්ම ප්‍රධාන අමාත්‍යවරයා සහභාගිවන අදාළ පලාතේ උත්සවයකදි හෝ වැඩසටහනකදි ඔහු දෙවෙනි වන්නේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ පලාත් ආණ්ඩුකාරවරයාටයි. මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු සහභාගිවන්නේ නම් ඔහු මහ ඇමති හා සම තත්වයේ සැලකේ.

චතුරිකා සිරිසේන ඇයගේ ෆේස් බුක් ගිනුමට අනුව රැකියාවක් නොකරන අතර ඇගේ ස්වාමිපුරුෂයා ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා ලේකම්වරයා ලෙස සේවය කරයි.

179 views
Main News