යාලුකමට පත්කල තානාපතිලා 30ක් ආපසු කැදවයි.. දයාන්, ඔස්ටින්, වැලිඅමුණ ඒ අතරයි..

December 8, 2019 at 4:40 pm | lanka C news
යාලුකමට පත්කල තානාපතිලා 30ක් ආපසු කැදවයි.. දයාන්, ඔස්ටින්, වැලිඅමුණ ඒ අතරයි..

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම් මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදේශ සේවා නිලධාරීන් රැසක් එම ධුරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 30 දෙනකු ලබන වසරේ (2020) ශ‍්‍රී ලංකාවට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ජේ. සී. වැලිඅමුණ, ඔස්ටේ‍්‍රලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික‍්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ යන මහත්ම මහත්මීන් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ බෑණාට ද, ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ද ලබා දී ඇති අතර, ඔවුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina

209 views

21 Comments to “යාලුකමට පත්කල තානාපතිලා 30ක් ආපසු කැදවයි.. දයාන්, ඔස්ටින්, වැලිඅමුණ ඒ අතරයි..”

  1. Aurora says:

    ශ්‍රී ලංකාව තුල රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවල ඉන්න 2015 දක්වා රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරපු නිලධාරීන් අඳුනාගෙන ඔවුන් පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් මේ ආණ්ඩුවත් ඉවරයි. මතක තියාගන්න රතුපස්වල සිද්ධිය තනිකරම රාජ්‍ය ආයතන කීපයක නොසැලකිල්ල හෝ කඩාකප්පල් කාරී ක්‍රියාවක් බව. ඒ පිළිබඳව සොයාබැලුවොත් අනාගතයටත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඒ සිද්ධිය යටින් ගිය වැඩපිළිවෙල අනාවරණය කරගත යුතුය. මහින්ද රාජපක්‍ෂ රජයේ පරාජයට තැබූ ප්‍රථම පියවර රතුපස්වල සිද්ධියයි.

  2. Sanjeeva says:

    යාලු කමට පත්කරපු අය ඉවත් කරලා අලුතින් දාන්නේ තරහකාරයොද? මේ අය රාජ්‍ය සේවයේ වගේම විදේශ සේවයේ බහුල අත්දැකීම් තිබෙන අවංක නිළධාරින්. අර හැංගිලා ඉන්න මිග් ගණුදෙනු හොරා වගේ අය නෙවෙයි

  3. Buddhist says:

    To create opportunity to Viyath Maga guys. Unless these guys are sent abroad with “benefits” they are going to create trouble for Gota.

  4. ඉත්දු වන්දත්ද නල්ල ඕ රූත් තීර්මානම්, අපප්පා.nalla theermaanam.

  5. රනිල් says:

    වැලි අමුන තමයි ජාතිය පාවා දුන් කාල කණ්නිය

  6. aniwa says:

    this is great !
    Ou MR sir never did these type of work. We had the best and most qualified තානාපතිවරු & මහකොමසාරිස්වරු during his era. Let’s do it again Gota sir. Jayawewa all our everloving Rajapaksa family.

  7. R premadasa says:

    These are not DIPLOMATS
    They are just political henchmen.
    New suggestion for GOTA- appoint only carrier diplomats to these posts hereafter
    Carrier diplomats are people who have done graduate and post graduate studies on international relations,diplomacy,governance and political studies
    .

  8. gon putha says:

    etakota ara australiywe embassay eke wadakarana marapanage driverge puthawat gennanawada?

Main News