යාලුකමට පත්කල තානාපතිලා 30ක් ආපසු කැදවයි.. දයාන්, ඔස්ටින්, වැලිඅමුණ ඒ අතරයි..

December 8, 2019 at 4:40 pm | lanka C news
යාලුකමට පත්කල තානාපතිලා 30ක් ආපසු කැදවයි.. දයාන්, ඔස්ටින්, වැලිඅමුණ ඒ අතරයි..

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම් මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදේශ සේවා නිලධාරීන් රැසක් එම ධුරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.

ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 30 දෙනකු ලබන වසරේ (2020) ශ‍්‍රී ලංකාවට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ජේ. සී. වැලිඅමුණ, ඔස්ටේ‍්‍රලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික‍්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ යන මහත්ම මහත්මීන් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ බෑණාට ද, ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ද ලබා දී ඇති අතර, ඔවුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina

209 views

21 Comments to “යාලුකමට පත්කල තානාපතිලා 30ක් ආපසු කැදවයි.. දයාන්, ඔස්ටින්, වැලිඅමුණ ඒ අතරයි..”

  1. Rohan says:

    Great move

  2. Prashan Premaratne says:

    Great move. These diplomats are very unpatriotic.

  3. Nirmal says:

    This is how Lasantha Wickrematunge’s family enjoying life over his death, brother in Australian Embassy & wife in American embassy. There should be others too. How much they tried to prevent Gota winning by putting court cases here & in USA to enjoy this luxury life on our expenses. Now their print media will start mud slinging to the government. A set of traitors to say the least. Bring some commission & put them behind bars.

  4. Amda says:

    මේ පින් බත් කාරයන්ව රජයේ සේවයෙන් සදහටම විශ්‍රාම යවන්න… වැඩක් කරගන්න පුලුවන් මිනිස්සු දාන්න

  5. Gemunu says:

    හරි හරි දැන් ඔයගොල්ලො පත් කරන්නෙ තරඟ විභාග තියලද කියල බලමුකො.

  6. ටොමියා says:

    මොන දීමක් දීලා ද අමුඩෙ හිටං වැලි තියෙන්න !!.

    • bleo says:

      නැට්ටෙ හිටං ගොම නෙවෙයිද ? නිකමට ඇහුවෙ.

  7. desta says:

    ara lasantha yage geni enne neha oya geni asylum ganivi

  8. good decision.some are unable to talk in english and having only O.L me minissu path kala ranil, maitree ethulu pirisa sadahatama nodokin. pL. APPOINT GARADUATES WHO CAN FLUENTLY TALK IN ENGLISH. NO ARMY/ PEOPLE PLEASE.

  9. Sumith says:

    මුන් රනිලගේ ප්ලැන් වලට තවත් ලංකාව වල පල්ලට අරිනවා ඇරෙන්න වෙන මොනවා කරයිද LTTE කාරයන්ට ඇපල් ගෙනියනවා ඇරෙන්නට. දයාන් වගේ කුක්කොන්ට ගහලා පන්නන්න තියෙන්නේ දිව දෙකේ කබරයෝ.

  10. Fathima says:

    Qatar thanapathi ehe inna ayagen lium gannawa eyawa newatha path karanna kiyala. Eya ehe Sithula radio eken eyage prathirupe goda naganna hadanawa. My3 pathkala tbawath horek. Eyage wifewa schooleka manage karanna danna haduwa den inna hora directors tikath ekka. Minihawa ayeth yawanawa kiyanne ehe inna ASP liyanagege horu tikath ekka school eke ithuru tikath kanna. School eke million ganan thibuna Qatar Riyal walata una deyak nehe. Gotabaya Janadhipathi thumani e gena hoyala. Amaruwen jeewath wena Qatar inna Srilankan parents lage salli newatha labadenna.

Main News