තානාපති සේවයේ යෙදි සිටින දේශපාලන පත්විම් ලැබු බොහෝ දෙනා නිකං ඉදං සුර සැප විදිනවා..- ජනාධිපති යහපාලන තානාපති සේවයේ රෙදි ගලවයි..
November 15, 2017 at 10:00 am | lanka C news
රටේ තානාපති සේවය සඳහා පසුගිය ආණ්ඩු සමයන්හි තානාපතිවරු ලෙස තම නෑදෑ හිතවතුන් පත් කරගත් බවට අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමි එවකට පැවති ආණ්ඩුවලට චෝදනා කලේ ය.
එමෙන්ම උන්වහන්සේ විසින් ආරම්භ කල සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ එක් ප්‍රධාන සටන් පාඨය වූයේ ද යහපාලන ආණ්ඩුවක් බිහිකොට එම වැරැද්ද නිවැරැදි කල යුතුය යන්න ය.
එහෙත් පසුගිය ජනවාරි 8 වෙනිදා පත් වු යහපාලන නව රජය යටතේ එම වැරැද්ද මෙරටේ කිසිදාක නොවුවිරු ලෙස සිදු වෙමින් පවති.
ඊයේ පැවති ගුණපාල මලලසේකරයන්ගේ ගුණ අනුස්මරණය වෙනුවෙන් පැවති උත්සවයේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙරටේ තානාපති සේවාව සම්බන්ධව කතා කරමින් ඊට ප්‍රතිචාර දැක්විය. ඒ රටේ ජාත්‍යන්තරව සම්බන්ධතාවය ඉහළ දමා රට ආර්ථික වශයෙන් දියුණු කිරිමට අවශ්‍ය සහය තානාපති සේවාව හරහා නිසියාකාරව නොලැබෙන බවයි. ඊට ප්‍රධාන හේතුව තානාපති සේවයේ යෙදි සිටින දේශපාලන පත්විම් ලැබු බොහෝ දෙනා විශ්‍රාම ගොස් සිටින අය බැවිනි.
මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විදේශ රටවලට තානාපතිවරු පත් කරන්නේ විධායක ජනාධිපතිවරයා ය. පසුගිය සැප්තැම්බර් මාසයේදී ජර්මන් තානාපති ලෙස විශ්‍රාමලත් නිලධාරියෙකු වූ වයස අවුරුදු 70 ක් ඉක්මවු විශ්‍රාම සුව විදින පුද්ගලයකු පත්කලේ ජනාධිපතිවරයා විසිනි.
එමෙන්ම විශ්‍රාමලත් දේශපාලන පත්විම ලැබු බොහෝ පිරිසක් මේ වනවිටත් ලෝකයේ වැදගත්ම රටවල තානාපතිවරු ලෙස මේ වනවිට පත් කොට ඇත.
විදේශ රටවල සිටින ශ්‍රීලංකා තානාපති ලැයිස්තුව, මෙහිදී පසුගිය මාසය 6 තුල පත්කල තානාපතිවරු ලැයිස්තුවේ යතාවත් කොට නොමැත. [Link]
වීඩියෝව මෙතනින්
එතකොට ඔබතුමා විසින් ම ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පත්කරලා තියෙන තුන්වෙනි ලේකම් ගාමිණි විජේරත්න සහ නව තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි (හිටපු ආරක්ෂක ලේකම්) ඔබ කාලාන්තරයක් තිස්සේ අඳුරන පුද්ගලික මිත්‍රත්වයක් තියෙන අය නේද ?? විජේරත්න මහතා පොළොන්නරුවේ ඔබේ නිවසට යාබද නිවසේ පදිංච්කරු නේද ?? හෙට්ටිආරච්චි මහතා ඔබ ඉගෙනීම ලද පාසලේ එකම පන්තියේ පාසල් මිතුරා නේද ?
එතකොට මේ දෙදෙනාට ලංකාවේ ජනතාවගේ බදු මුදලින් ජර්මනියේ සුර සැප විඳීමට මග පෑදුවේ ඔබ ම නේද ????