තාප්පවල චිත‍්‍රවලට විරුද්දව පොලීසියට පැමිණිලි කෙරේ…

December 15, 2019 at 1:20 pm | lanka C news
තාප්පවල චිත‍්‍රවලට විරුද්දව පොලීසියට පැමිණිලි කෙරේ…

දෙහිවල ගුවන් පාලම යට කොටසේ ඇද ඇති චිත‍්‍ර සම්බන්ධයෙන් සමස්ථ ලංකා යතුරු පැදි සංගමය විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

එහි සභාපතිවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල මෙහි දැක්වෙයි.

ගරු. වැඩබලන පොලිස්පතිවරයා,
ශ්‍රී ලංකා පොලිසිය,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

ගරු පොලිස්පතිතුමනි,

හදිසි / වැදගත් – දෙහිවල ගුවන් පාලම යට පිහිටි මාර්ග අනතුරු ඇඟවීම් විනාශ කිරීම

දෙහිවල ගුවන් පාලම යට මංසන්ධියේ, මාර්ග මත එහි ආධාරක කණු කීපයක් ඇති අතර ඒවා දෙකක් බැගින් වටකර බැමි කීපයක් මාර්ගය මත පිහිටුවා ඇත.

යම් වේගයකින් හෝ අඩු අවධානයකින් ගමන් ගන්නා රියදුරෙකුට එම බැමිවල ගැටීමේ අවධානම අඩු කිරීම සඳහා, මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විද්‍යාත්මක සම්මතයන්ට අනුව යමින් ඒවා කැපී පෙනෙන ලෙස මාර්ගයෙන් වෙන්කොට පෙන්වීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම බැමි ඉදිරිපස සම්පූර්ණයෙන් හැසඩ් මෝස්තර රටාවක් (Hazard pattern) ඇඳ තිබුණි.

ප්‍රභේදය (contrast) හෝ අවධානය අඩු අවස්ථාවක දී පවා, ගුවන් පාලමේ බැමි හා කණු දෙක අතරින් ගමන් මාර්ගයක් නොමැති බව පැහැදිලිව පෙන්වීමට හා එකී ඉදිකිරීමේ අවධානම දුර තියා පැහැදිලිව පෙන්වීමට එම හැසඩ් මෝස්තර රටාව ඉවහල් වේ.

එකී කලු හා කහ මෝස්තර රටාව මැද සිට දෙපසට විහිද යන ආකාරයෙන් ඇඳ තිබුණේ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අන්තර්ජාතිකව පිලිගත් විද්‍යාත්මක නියමයන්ට අනුවය. මන්ද, එය හදිසි අවස්ථාවක දී දෙපසට කැපීමේ තීරණයක් ගැනීමට රියදුරුන්ට එය සහය වන අතර, පාලම යට අඳුරු ස්ථානයක් බැවින් මාර්ග හරහා පැනීමට නියමිත/හදිසියේ දුව එන පදිකයින් දුර තියා කැපී පෙනෙන ආකාරයෙන් පෙන්වීමට එය රුයදුරන්ට සහය වනු ඇත.

විය හැකි බරපතළම තත්ත්වයට (worst case scenario) මාර්ග සූදානම් කිරීමට මහජන මුදල් යොදවමින් මෙරට මහජනතාවගේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල ගුවන් පාලම යට මංසන්ධිය දෙපස පිහිටුවා ඇති බැමි මත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඇඳ තිබූ එකී මෝස්තර රටාවේ අරමුණු හා විද්‍යාත්මක පසුබිම ඉවත දමමින්, පසුගිය දින කීපය තුල දී පිරිසක් විසින් එහි වැදගත් වූ මැද කොටස මකා දමා ඒ වෙනුවට ඒවා මැද චිත්‍ර ඇඳීමට කටයුතු කර ඇත. එතුලින් ගුවන් පාලම යට පිහිටි මාර්ග අනතුරු එකී ඇඟවීම් විනාශ කිරීමට සහා හෝ විකෘති කිරීමට එම පිරිස කටයුතු කර ඇත. එම හැසඩ් මෝස්තර රටාවේ දෙපස පමණක් ඉතිරි කර ඇත.
ගරු පොලිස්පතිතුමනි,

1. යම් වේගයකින් ගමන් ගන්නා රියදුරෙකුට එකී චිත්‍රයෙ ඇති රටාවන් මගින් විද්‍යාත්මක නියමයන්ට අනුව අනතුරු ඇඟවීමක් හෝ කැපී පෙනීමක් සිදු නොවේ. එක් චිත්‍රයක අඳුරු වර්ණ භාවිතාවක් දක්නට ලැබේ.

2. එමෙන්ම දෙපස පමණක් අදාළ හැසඩ් මෝස්තර තිබීම හේතුවෙන් දුර සිට එන රියදුරෙකුට එම බැම්මේ නිර්මාණය හා අවදානම ගැන නිසියාකාරව දැනුවත් වන්නෙ නැත. නොමග යැවීමක් සිදුවිය හැක.

3. එක් චිත්‍රයක් තුල මිනිසුන් සිටිනා ආකාරයෙන් ඇඳ ඇති අතර, එය පදික මාරුව පසුබිම් කර ඇත. යම් වේගයකින් හෝ අඩු අවධානයකින් ගමන් ගන්නා රියදුරෙකුට පදිකයින් හා චිත්‍ර අතර යම් ව්‍යාකූලතාවක් ඇතිවී ඉතාමත් භයානක තත්ත්වයක් ද ඉන් ඇති විය හැක.

4. චිත්‍ර රාත්‍රියේ දී දිලිසෙන තීන්ත (retro-reflective paint) යොදා සිදු කර ඇති බවට කීවද, එහි කිසිදු ප්‍රමිතියක් හෝ සෑහීමකට පත්විය හැකි දිලිසීමක් නොමැත. එමෙන්, විද්‍යාත්මක සම්මතයන්ට අනුකූලව කෙරෙන අනතුරු ඇඟවීම් මෝස්තර රටාවලට චිත්‍ර මෝස්තර ආදේශ කිරීම පදනම් විරහිතය.

මාර්ග ආරක්ෂාවට පටහැනි මෙවැනි දේ සිදුවීමට ඉඩ දී බලා සිටීමට දිනපතා එහි සේවය කරනා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් කටයුතු කර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් මාගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටිමි. මන්ද, ඉන් මෙරට මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් දක්වන අවධානම හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ දැනුමේ තත්ත්වය ඉතාමත් පැහැදිලිව රට ඉදිරියේ පෙන්වනු ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මා මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ එන්ජිනේරු කාර්යාලයෙන් දුරකථනය හරහා කල විමසීමක දී ඔවුන් සඳහන් කර සිටියේ එකී චිත්‍ර ඇඳීමට ඔවුන් අවසරයක් ලබාදී නොමැති බවයි.

අතිගරු ජනාධිපතිවරයාගේ සංකල්පය වුයේ “විනයක් නොමැතිව නිදහසක් ලැබෙන්නේ කෙසේද?” යන්නයි. මාර්ගයේ තාප්පවල චිත්‍ර ඇඳීමට තරුණයන්ට නිදහස තිබිය යුතු නමුත්, චිත්‍රවල අන්තර්ගතයේ වගවීමක්, චිත්‍රය ඇඳීමේ ස්ථානය ගැන යම් වගවීමක් තිබිය යුතුය. මාර්ග ආරක්ෂාවේ අනතුරු ඇඟවීමේ මෝස්තර රටාවලට චිත්‍ර පටලාවා ගැනීම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කිසිවෙකුට අනුමත කර නොහැක.

මේ අනුව :-

අ. දෙහිවල ගුවන් පාලම යට මංසන්ධියේ පදික මාරු පසක ඇති ගුවන් පාලමේ බැමි මත නැවත අදාළ සම්මත අනතුරු ඇඟවීමේ හැසඩ් මෝස්තර රටාව නැවත ස්ථාපනය කරවීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත්

ආ. සිදුවීම තුල රටේ නීතිය උල්ලංඝණය වීමක් සිදුවී ඇත්නම් විමර්ශනයක් පවත්වා ඊට එරෙහිව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ලෙසත්,

ඇ. රටේ වෙනත් ස්ථානවල ප්‍රදේශයවල ද මෙවැනි දේ සිදුවීම වැලැක්වීමට තරුණයන් සමග සහයෝගයෙන් යම් නිශ්චිත යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත්,

ඈ. මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සම්මතයන්ට පටහැණිව යන මේ කටයුත්ත සඳහා යමෙක් අවසර ලාබ දීමට කටයුතු කර ඇත්නම්, එම පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මා ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,
චිරන්ත ආර්. ඇන්තනි අමරසිංහ

272 views

29 Comments to “තාප්පවල චිත‍්‍රවලට විරුද්දව පොලීසියට පැමිණිලි කෙරේ…”

  1. වාංග වා පොංග පෝ අහෝ ලපයා ඇතුලු මහිලාවන් ට ගිය කල. පුතාණෝ හැංගි මුත්තං ඊට සපෝට් කළ පිංගුත්තර 3% කට උල්කරන්න දෙයක් නැතිව චිත්‍රය ගැන මහා විග්‍රහය. යකෝ පොලිසි පලයං අපේ අයිඩෙන්ටි කාඩ් ටික දීලා.

  2. බන්ඩා says:

    සිංගප්පූරැවේ මා නැවතී සිටි ඕචඩ් පාර අසල හෝටලයට යාබද කුඩා ස්කේටින් පාක් එකක බිත්තියක චිත්‍ර ස්ප්‍රේ කරනවා මම ගිය සතියෙත් දැක්කා. සිංගප්පූරුවේ හැම දේකටම විනයක් සහ ක්‍රමයක් තිබෙනවා. ලංකාවෙ අපට නැත්තේද එයය්. යහපාලනය බලයට ආව ගමන් නව අගමැතිට පිස්සු කද වී ටෙම්පල් ට්‍රීස් බිත්ති වල තිබූ ලස්සනට තිබූ මල්පැල ගලවා විසි කලා. ජනාධිපතිතුමනි! චිත්‍ර ඇඳීම හොදා. නමුත්
    තරැණයන්ට ආතතිය හැර ගන්න පිස්සු නටන්න දෙන්න එපා.

  3. Denzil says:

    Kauda ma ponnaya kollana okata nalapeyou

  4. Araliya says:

    Modayath kata eriya a thamai modaya kiyala oppu wenne. E wage thamai jahapalanayata Kade giya aya Honda deta viruddhawa wenakota dena ganna puluwan. Maha benkuwa sudda karaddi eka sulu weraddakda? Ethakota PACHA RANAWAK accident ekak karala ulu anthurak kiwwe oya salakunu mekilada?

  5. lakpriya says:

    මුන් වගේ NGO කුහකයන්ට රටට යහපතක් වෙන එක ඉවසන් ඉන්න බැහැ මු අනිවාර්යෙන්ම JVP කාරයෙක්

  6. UD says:

    පෝස්ටර් ගහලා තියපු කාලේ කිසි කතාවක් නෑ… චිත්‍ර ඇන්දාම නිකං රෙද්ද අස්සේ නයි රිංගනවා වගේ දඟලනවා… 3% කුහකයින්…

    • Politics says:

      We should plan to take 3% dawn to 1% next time.a
      Are you ready..
      JVP is a useless lot.

      One of their members was representing the parliament committee to white wash the April Bomb blast ( Sorry I cant remember his name).
      Now we see a different stories coming out. That guy was just a puppet there.

  7. ගල්මංගොඩ says:

    දෙහිවල ගුවන් පාලම ලග යට පාර බයික් කාරයෙක් පිඹගෙන යන තැනක් නෙවෙයි. අවම වේගයකින් යන්න ඕන තැනක් එතන. ඔය කියන තරම් අනතුරක් එතන නෑ. රෑට වේගෙන් ගිහිල්ල ඕකෙ වදිනව නං එක්කො ඌ බීල… නැත්තං මංකොල්ල කාල පැනල යන ගමන්

    • U.N.J.V.P says:

      යටත් වජිත හේර හරි සූර් කාන්තය හරි ඔතනින් යන වෙලාවට උන් ගැන හිතල තමයි මුන් කලබල වෙලා තියෙන්නෙ.

  8. Saman says:

    මෙතන වැරැද්දක් තියේ නම් පිලි අරගෙන වෙනස් කරමු කලබල වෙන්න එපා
    මොකද ඔය තාච්චි මෑන් ට ඕන ප්‍රශ්නයක්

  9. Patient says:

    හැමදෙම හැමෝම කරල අගය අඩු කර ගනනව.
    අළුත් දෙවල් හිතනවනම් සිට වඩා ප්‍රයෝජනවත්

  10. කත්‍රි says:

    වැරදි අඩුපාඩු පෙන්වා නිවැරදි මගක රට ගෙනයාමට ඝෝඨාභය මැතිතුමාට සහයවන ඔබට ස්තූතියි.

Main News