තාමත් අගමැති රනිල්.. අපි අරලිගහ මන්දිරයෙන් යන්නෙම නෑ..- අකිල
November 10, 2018 at 3:50 pm | lanka C news
තව දුරටත් මෙරට අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එනිසා තව දුරටත් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ රැුදී සිටින බවත් ඔහු කියා සිටී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීම ව්‍යවස්තා විරෝධී බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ මහතා සදහන් කරයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
ලජ්ජා නැතිදෝ අකිලෝ…ලජ්ජා නැතිදෝ…..සිහින ලොවේ ….අරලිය ගහ ඉස්සර කනත් වල හිටවපු ගහක් අකිලෝ….දැන් ඉතින් කිරි ගහ යට වැටිලා අපාය යමු. අරලියගහ මන්දිරත් අපට කන්න දෙන්න ඔප්පුවකින් ඉන්දියාවට විකුනලා කියන්නේ ඇත්තද?
ඇයි අකිල මාහත්තයෝ දැන් උඹලා ඔය අරලිය ගහා මැදුර දැන් සමනළ යායක් කරගෙනද දාලා යන්න බැරි තරමටම.මේක නැවත භාරගන්න විට විෂබීජ නාශක ආලේප කර සුද්ද පවිත්‍ර කරගන්න වේවි අපේ මහින්ද මැතිතුමාට.නැතිනම් පිටගැස්මට එන්න ඉඩ තිබෙනවා මුන්ගේ මස්තබාල්දු වුණු ජරාව ග්රාණය කොට.