තායිලන්ත දූත පිරිස ජනපති හමු වෙයි …
February 20, 2020 at 2:07 am | lanka C news
ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කෙරේ.
හොංකොං හි කොන්ෂුක් නාම්චක්ෂි භික්ෂුණිය ඇතුළු ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත තායිලන්ත දූත පිරිස 19 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් දූත පිරිස දිවයිනට පැමිණ සිටිති.
හමුව සංකේතවත් කරමින් බුද්ධි ප්‍රතිමා වහන්සේ නමක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණ.
චාරිකාව සංවිධානය කළේ මාබිම, හෙයියන්තුඩුව තායි ශ්‍රී ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රාස්සගල සීවලි හිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙනි.
– ජනාධිපති මාධ්‍ය ඒකකය