තායිලන්ත භික්ෂුන්ගේ ධර්ම චාරිකාවට නාඋල දී පොලිසියෙන්, වෙළ`ද සංගමයෙන් හා මුස්ලිම් බැතිමතුන්ගෙන් පුද සත්කාර..

March 28, 2018 at 8:02 am | lanka C news
තායිලන්ත භික්ෂුන්ගේ ධර්ම චාරිකාවට නාඋල දී පොලිසියෙන්, වෙළ`ද සංගමයෙන් හා මුස්ලිම් බැතිමතුන්ගෙන් පුද සත්කාර..

මෙරටට වැඩමකර සිටින තායිලන්ත භික්ෂුන් වහන්සේලාගේ ධර්ම චාරිකාව 26 දා නාඋල නගරය පසු කරද්දි නාඋල පොලිසිය විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

නාඋල එක්සත් වෙළද සංගමය හා ප‍්‍රජා පොලිස් ඒකකය එක්ව භික්ෂුන් වහන්සේ සදහා වඩින මගට කෙසෙල් කොල එලා උන්වහන්සේලා පිළිගනු ලැබූ අතර නාඋල නගරයේ ප‍්‍රධාන බුද්ධ මන්ධිරය අසලින් සිසිල් පැන් සංග‍්‍රහයක් ද පවත්වනු ලැබීය.

දවස පුරා පොලිස් රජකාරියේ නිරතව සිටින නාඋල පොලිසියේ නිලධාරින් ගිනි අවි පසෙක තබා දෑත් එක්කර මහමග වැඩම කරු ලබන භික්ෂුන් වහන්සේගේ පෙරමගට ගමන් කරන අයුරු දක්නට ලැබින.

මේ අවස්ථාවට නාඋල මුස්ලිම් ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක් විය.

ගිලන්පස පූජා කිරීම් ආදී සංග‍්‍රහ කටයුතු වලට එක්වු නාඋල මුස්ලිම් බැතිමත්හු තායිලන්ත භික්ෂුන් වහන්සේට ගෞරව දැක්වීම විශේෂත්වයක් විය.

නාඋල පොලිස්ථානාධීපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර, නාඋල එක්සත් වෙළද සංගමයේ සභාපති හසිත විජේතිලක ඇතුළු නාඋල පොලිස්ථනයේ නිළධාරිහු රැසක් ඇතූළු ප‍්‍රදේශවාසිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ඉන්දික අරුණ කුමාර

6 views

4 Comments to “තායිලන්ත භික්ෂුන්ගේ ධර්ම චාරිකාවට නාඋල දී පොලිසියෙන්, වෙළ`ද සංගමයෙන් හා මුස්ලිම් බැතිමතුන්ගෙන් පුද සත්කාර..”

  1. Love nature says:

    හලාල් නැතිකර එක පිගානේ කන්නත් පුරුදු වෙමු

    • JOY says:

      මුස්ලිම් අහාර පාන ලබා ගත් ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ප්‍රවේසමින් …මුස්ලිම් ආගමේ කෆීර් ලාට අනතුරක් කිරීම පරාදිසියට යන බැව් කුරානයේ සදහන් ව ඇත …ඒ නිසා අන්‍යාගමිකයන් විනාශකිරීම මුස්ලිම් ප්‍රතිපත්තියයි

  2. kalana says:

    Rata alla gannakal

  3. daminda says:

    sanhindiyyawa sri lankika hadawathae ipadiya ythuya…………

Main News