තායිවානයේ උමගක් තුල දුම්රිය අනතුරක්.. 48ක් මියයයි..

April 2, 2021 at 12:40 pm | lanka C news
තායිවානයේ උමගක් තුල දුම්රිය අනතුරක්.. 48ක් මියයයි..

උමගක් තුළ සිදු වූ දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් තායිවානයේ පුද්ගලයන් 48 දෙනකු මරණයට පත්ව ඇත.

තවත් 72 දෙනෙකු අනතුර නිසා තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උමග තුළ දුම්රිය පෙට්ටි හතරක් සිරවී ඇති නිසා සහන සේවකයන්ට ඊට ළඟා වීමට දැඩි අපහසුතාවක් ඇති ව තිබේ.

අනතුර සිදුවෙද්දී දුම්රියේ 350කට ආසන්න පිරිසක් සිට ඇති අතර අනතුරට පත් වූවන් තවත් ඉහල යා හැකි යයිද වාර්තාවල දැක්වෙයි.

11,115 views
Main News