තැන් තැන්වල වාචාල කතා කියූ ඌව මහ ඇමති දණ ගස්වයි.. ඌව සභාවෙන් සමාව පස් වරක් අයදී.. [Video]

July 24, 2018 at 12:02 am | lanka C news
තැන් තැන්වල වාචාල කතා කියූ ඌව මහ ඇමති දණ ගස්වයි.. ඌව සභාවෙන් සමාව පස් වරක් අයදී.. [Video]

තමන් පළාත් සභාවේ මන්ත‍්‍රිවරුන් බැලන්ස් කරන්නේ වාහන, සල්ලි දීමෙන් බව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් කල ප‍්‍රකාශයකට එම සභාවේ මන්ත‍්‍රිවරුන්ගේ දැඩි විරෝදය එල්ල විය.

ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා ඇතුළු තිදෙනෙක් එම ප‍්‍රකාශයට විරෝදය පා විපක්‍ෂයේ ස්වාධින මන්ත‍්‍රීවරුන් ලෙස අසුන් ගත්තේය.

සභාවේ විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් විසින් කළු පටි පැලද විරෝධයේ යෙදුනේය.

ඇතිවූ තත්වය මත මහ ඇමතිවරයා තම ප‍්‍රකාශය ගැන සභාවේ මන්ත‍්‍රීවරුනගෙන් සමාව ඉල්ලා සිටියේය.

138 views

7 Comments to “තැන් තැන්වල වාචාල කතා කියූ ඌව මහ ඇමති දණ ගස්වයි.. ඌව සභාවෙන් සමාව පස් වරක් අයදී.. [Video]”

  1. asoka says:

    ඔන්න ඕක තමයි යහපාලානේ කියන්නේ. ඕන ජරා වැඩක් කරලා දේශපාලකයෙක් සමාව ඉල්ලුවම ගොඩ. සාමාන්‍ය මිනිහෙක් කරානම් එල්ලුම් ගස්

  2. පොඩි එකා says:

    මහ ඇමතිතුමා කිව්වේ බොරුවක් නෙවි කියලා රටේ ඡනතාව දන්නවා… පලාත් සභාවේ විතරක් නෙවෙයි ඕන පනතකට අත උස්ස ගන්න විදිහ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් දන්නවා..

  3. සීගිරි says:

    මුං රැලම ගෝල්ෆේස් ගෙනල්ලා එල්ලන්න ඔනේ… යන විදියට රට යන්නේ එතනටයි.දිනෙන් දින ජනතා ප්‍රකෝපය ඇවිලෙනවා.

    • Hitan@Hutan.com says:

      උදේට පත්තරේ බලන කොට ලොක්ක ඕක දකියි.ඊට පස්සෙ ගෝල්ෆේස් ගෙනල්ල එල්ලයි.ඒ යෝජනාව කලාට සීගිරිට උපදේශක තනතුරක් දෙයි.

    • නයා.... says:

      ඔබ කියන දේ හරි.
      දැන් සමස්ථ දේශපාලන දාරාවම යොමු වෙලා තියෙන්නේ එතැනට.
      හැම මන්ත්‍රී කට්ටෙක්ම පනතකට අත උස්සන්නේ උගේ සාකුවට වැටෙන ගාන අනුව.

      ඒ කියන්නේ ඕනෑම ජනතා විරෝධී පනතක ඕනෑම ආයතනයක් තුල සම්මත කර ගත හැකි තැනට රට වැටී ඉවරයි.
      මේ තත්වය ජනතාවත් හොඳින්ම අවබෝද කරගෙන සිටීම තමයි එහි ඇති බරපතලම තත්වය.

      මේ යන විදියට ගියොත් විශ්වාසය තැබිය හැකි නායකත්වයක් ලැබුනොත් ජනතා නැගිටීමක් සිදු වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

      පවතින දේශපාලන ක්‍රමය ගැන පූර්ණ අපේක්ශා භංගත්වයකින් මිනිසුන් ඉන්නේ.

  4. Raawanaa says:

    AAA wade laabayi…Isso wade…

  5. මූ පිනට ගිලලා කූට්ටමේ ඉඳන්ම ඉදිමිලා ඊලඞ චංඳෙදි ගෙදර යවමු මුවගේ පිංගුස්තරයන් තමයි ගිය ආංන්ඩුව ගෙදර ඇරියේ????????
    හැබැයි දැන්මූ අන්තිඅමටම කිචවී ඇත​???

Main News