තැපැල් කන්තෝරුව ගිනි ගනී.. තැපැල් ස්ථානාධිපතිනිය මියයයි..
August 29, 2017 at 8:40 am | lanka C news
ඇල්පිටිය කුරුදුගහහැතැම්ම උප තැපැල් කාර්යාලයේ හදිසි ගින්නක් අද 29 දින 6.30ට පමණ හටගෙන ඇතැයි ඇලිපිටිය පොලිසිය පවසයි.
මෙම ගින්නෙත් ඇලිපිටිය තැපැල්කාරියාලයේ සිටි තැපැල් ස්ථානාධිපති පිළිසුම් තුවාල තබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගෙස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 49ක් පමණ වු කාංචනමාලා නැමැති ඇල්පිටිය කුරුදුගහහැතැම්ම ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මෘත ශරිරය මේවන විට ඇලිපිටිය රෝහලේ තැම්පත්කර ඇති අතර,පොලිස් පරික්ෂණ ක්රියාත්මකයි.
– සුනෙත් ගාල්ලගේ