තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 75% පැන්න බව බුද්ධි වාර්තා කියයි.. පෙබරවාරි 10 ඡන්දය කල් දමන්න සූදානම්..

January 25, 2018 at 12:03 am | lanka C news
තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 75% පැන්න බව බුද්ධි වාර්තා කියයි.. පෙබරවාරි 10 ඡන්දය කල් දමන්න සූදානම්..

මේ දිනවල රජයේ සේවකයන් තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව බුද්ධි අංශය නිකුත් කළ වාර්තා දැක සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව මෙන්ම හීලෑ විපක්ෂයේ ජවිපෙ ද එක්ව පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණ අනාවරණය කර සිටී.

මේ වන විට පැන නැගී ඇති සාධාරණ වෘත්තීය සමිති අරගලවලට විසඳුම් ලබා නොදී ඒවා තවත් උග්‍ර වීමට සලස්වා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවට මැතිවරණ කොමිසම ලවා නිවේදනයක් නිකුත් කරවා ගැනීම මේ අයගේ සැලසුම වී ඇතැයි ද ජාතික නිදහස් පෙරමුණ වැඩිදුරටත් අනාවරණය කර සිටී.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති හදිසි මාධ්‍ය හමුවක් අමතමින් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ 2015 මාර්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය 2015 ජනවාරි 8 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම කල් දමමින් සිටියා. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සැබෑ විපක්ෂයේ බලවේග හා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ගෙන ගිය අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලය විදියට තමයි 2018 පෙබරවාරි 10 වැනිදා මේ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ බලධාරීන්ට සිදු වුණේ. එය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් ලැබූ ජයග්‍රහණයක්.

මේ දිනවල රජයේ සේවකයන් තම තැපැල් ඡන්දය පාවිච්චි කරන ආකාරය පිළිබඳව ආණ්ඩුවට, බුද්ධි අංශ වාර්තා ලැබී තිබෙනවා. එමගින් කියැවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණට ඒ ඡන්දවලින් 75% – 80%ක ප්‍රමාණයක් ලැබී ඇති බවයි. එජාපයට විශාල පසුබෑමකුත්, ශ්‍රී ලනිපයට අන්ත පරාජයකුත්, ජවිපෙට ඡන්ද ප්‍රතිශතය අඩු වීමකුත් සිදු වන බව ඒ වාර්තාවල සඳහන්ව තිබෙනවා. 2015 ජනවාරි 8 වැනිදා මේ හංස පූට්ටුවට ලැබුණු ඡන්දවලින් හරි අඩක්වත් නොලැබෙන බව ඒ වාර්තාවල සඳහන් වෙනවා. ‘රජයේ සේවකයා මෙහෙම නම් රටේ ප්‍රතිඵලය මොන වගේ වෙයි ද?’ කියා මේ ආණ්ඩුව දන්නවා. ජවිපෙත් දන්නවා, ඒ නිසා මේ අය පෙබරවාරි 10 වැනිදා රට තුළ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වාතාවරණයක් හදන්න යනවා.

‘ජන්දයට කලින් රටම අක්‍රිය කිරීමේ සැලසුමක් ’

ඔබ දන්නවා, පසුගිය ජනවාරි 17-18 දිනවල විදුලි බලමණ්ඩලයේ සේවකයන් තම සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට ගිය අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කළ ආකාරය. ඉල්ලීම් වෙනුවට ඒ අයට ලැබුණේ කුලු – පොලු හමුදා ප්‍රහාර. ඒ වගේම මේ දිනවල දුම්රිය සේවකයන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන් සිය සාධාරණ ඉල්ලීම් ලබා ගැනීම්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹිලා ඉන්නවා. ආණ්ඩුව සැරසෙන්නේ, මේ අයගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදී එම වෘත්තිය අරගල උග්‍ර වෙන්න හැරලා මේවා මර්දනය කරන්න. ඒ සේවක මර්දනය ඇතුළේ රටේ ආර්ථික හා පරිපාලන මරමස්ථාන බිඳ වට්ටන්න. එහෙම කරලා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා, රට තුළ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැති නිසා මැතිවරණය කල් දමන ලෙස.

අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සෙසු සාමාජිකයන්ගෙන් ඉල්ලනවා, ‘මෙවැනි තත්ත්වයකට ඉඩ තබන්න එපා!‘ කියලා. ඒ වගේම මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නායකයන්, සියලු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සංවිධාන, දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙතින් අපි ඉල්ලා සිටිනවා, ‘මේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන ක්‍රියාවට එරෙහිව නැඟී සිටින්න’ කියා.

‘පොහොට්ටුවට එක් නීතියක් ’

අපට පෙනෙනවා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලපාන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නීති එක්සත් ජාතික පක්ෂයට, පොදුජන එක්සත් පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට බලපාන්නේ නැති බව. පෝස්ටර් ඇලවීමේ දී, පත්‍රිකා බෙදීමේ දී, කැන්වසින් කිරීමේ දී අපට පනවන නීති ඒ අයට අදාළ කර නැහැ. ඒ වගේම රාජ්‍ය සම්පත් විශාල වශයෙන් මේ මැතිවරණය සඳහා යොදවා ගන්නවා. උදාහරණයක් ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ සියලු මානව සම්පත්, වාහන දැන් සජිත් ප්‍රේමදාස ඇමතිවරයා හම්බන්තොට ඡන්ද වැඩට යොදා ගෙන. ආණ්ඩුවේ ඇමතිවරු මහා පරිමාණයෙන් භාණ්ඩ බෙදා දෙනවා, නිවාස ආධාර දෙනවා, සහනාධාර දෙනවා. ඒවාට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්ගේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද අපි මැතිවරණ කොමිසමෙනේ ඉල්ලා සිටිනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

125 views

10 Comments to “තැපැල් ඡන්දයෙන් පොහොට්ටුවට 75% පැන්න බව බුද්ධි වාර්තා කියයි.. පෙබරවාරි 10 ඡන්දය කල් දමන්න සූදානම්..”

  1. indunil says:

    bala suba nimithi………….

  2. sayumi says:

    පොහොට්ටුවට ජය වේවා !
    ———-
    ජයමල්, පවර්, අසරණයා මහින්ද නිවසට එන්න.

    • jayamal says:

      ගොඩක් ස්තුතියි සයුමි. මේ දැනුයි දැක්කේ ඔබේ පනිවිඩය. ඔබට හදවතින්ම සුබ පතමි පුරුදු ලෙසින්. ජයවේවා!

  3. yasmin says:

    Hina yanawa mewa dikiddi. JNP unta pissu

    • vishnu says:

      උඹේ අම්මගෙන් අහපන් . උඹේ
      පිස්සුව හොඳ කෙරුවෙ නැත්තෙ ඇයි කියල

  4. Nandasoma Suriyaarachchi says:

    මේවගේ අධම පාලනයක් වෙනුවෙන් එක ගොනෙක් හරි ඡන්දය දෙන්න සූදානම් එක ගැන තමයි කණගාටු….!

  5. Nandasoma says:

    වෘත්තීය සමිතිවල ගරු මහත්වරුණි…..ඔබතුමන්ලාගේ ඉල්ලීම් මදකට කල් දමා, ජන මතය සමග හිටගැනීමට කාරුණික වන්න….!

    මෙම නරුම රජය දෙදරුම් කෑවිට ඔබලාගේ ඉල්ලීම් පහසුවෙන් ඉටු වනු ඇත….!!

  6. hansika says:

    Paw appa bolada hina..

  7. Jayarathne says:

    Ehenam apet dala tiyenne pohottuwatada dinner nane buddi ansa kiyanakan

Main News