තැපැල් සේවය පුද්ගලික අංශයට විකුණයි..?

June 26, 2018 at 1:20 pm | lanka C news
තැපැල් සේවය පුද්ගලික අංශයට විකුණයි..?

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මෙරට ජන ජීවිතය හා තදින් බැඳුණු රාජ්‍ය තැපැල් සේවය බිඳනොවට්ටවා සේවක ගැටළුවලට වහා විසඳුම් දීම ආණ්ඩුවේ වගකීමයි…

27,000කට ආසන්න තැපැල් සේවකයන් මුහුණ දී ඇති ගැටළු රැුසකට විසඳුම් ඉල්ලා ඔවුන් වර්ජන ක‍්‍රියාමාර්ගයකට එළඹ අද වන විට සති දෙකක් ඉක්ම ගොස් තිබේ. අභ්‍යන්තර චක‍්‍රලේඛයක් හේතුවෙන් බඳවා ගැනීම්, උසස්වීම්ලදී මතුව ඇති ගැටළු හා වැටුප් තලවල මතුව ඇති විෂමතා හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ තැපැල් සේවකයෝ හෙම්බත්ව සිටිති.

මේ ආණ්ඩුව තැපැල් සේවයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල තනතුරු 18ක් අහෝසි කිරීම ද රට පුරා පිහිටි උප තැපැල් කාර්යාල 3410ක ස්ථානාධිපතිවරුන් මුහුණ දී ඇති දුෂ්කරතා නොසලකා හැරීම ද දීපව්‍යාප්ත තැපැල් සේවයේ බිඳවැට්ටවීම අරභයා සිදු කරන්නක්දැයි යන සැකය මතුව තිබේ.

වර්ජනය ඇරඹී දින 11ක් ගතවන විට බෙදාහැරීමට නොහැකිව ලිපි ලක්‍ෂ 20ක් ගොඩගැසී තිබීමෙන් පමණක් වුව තැපැල් සේවය මෙරට ජන ජීවිතය හා බැඳී ඇති අන්දම මනාව පිළිබිඹු වෙයි.

ලිපි බෙදාහැරීම පමණක් නොව ටෙලිමේල් සේවය, ව්‍යාපාරික තැපැල් සේවය, මුද්දර නිකුත් කිරීම, රක්‍ෂණ වාරික ගෙවීම, විශ‍්‍රාම වැටුප් – වැඩිහිටි දීමනා ගෙවීම්, ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යාම, පොලිස් රථ වාහන දඩ ගෙවීම් හා විභාග ගාස්තු ගෙවීම් යන සේවා විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා තැපෑල වෙතින් ඉටු වන්නේ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට සුවිසල් සේවයක් සලසමිනි.

ඒ නිසා රාජ්‍ය තැපැල් සේවය බිඳවට්ටවා එය පෞද්ගලීකරණය දක්වා රැගෙන යාමේ දිසාවට පාර කපන මේ ආණ්ඩුවේ උවමනාවට සමස්ත පොදුජන විරෝධය එල්ල විය යුතුව තිබේ.

එසේම සාධාරණ තැපැල් සේවක ඉල්ලීම් වහාම ඉටු කර තැපැල් සේවය යථාවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටින්නෙමු.

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.

590 views

5 Comments to “තැපැල් සේවය පුද්ගලික අංශයට විකුණයි..?”

  1. sam says:

    හැමදාම මෙහෙමයි. බොරූ බිල්ලෙක් පෙන්නලා රටම අවුල් කරනව. ඉස්සර කිව්වා ආමි එකේ අය ජාත්‍යන්තර අධිකරණයට ගෙනියනව කියල. කිසි එකෙක් ගියෙ නෑ. ඊට පස්සේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රන හැටක් විතර ගැන කිය කිය සිඟිති ආතල් උපවාස කරා. මේ මිනිහා බොරුවෙන්ම තමා ජීවත් වෙන්නේ. කෝටි ගනන් කොමිස් ගහල මාලිගා හදපු දේශප්‍රේමියා! අපේ ගොන්නු ඉතින් මුන්ට තවත් අහු වෙනවනේ අම්මප!

  2. Ellepola says:

    A bulk of organizational activities and the day to day normal work of individual citizens have been adversely affected by the postal strike which now enters the third week in its continuation.

    Neither Sirisena nor Ranil as the first and the second citizen of the country has shown any interest in finding a solution to the problem.

    Nevertheless, both are issuing statements at the drop of a hat when Buddhist Priest refer to Gota in an alms giving ceremony at a private function held in a private residence.

    What a sarcastic situation! They are interested only in power and robbery.
    ..

  3. ගුරැජි says:

    මේ විමලයෝ වෙන රටවල තැපැල් බලපිය ඒවගෙ කාර්‍යක්ෂමතාව ඔබ කියන හුගක් දේවල් බැංකු වලින් කර ගන්න පුලුවන් ඔය ලබ්බෙතැපෑල පුද්ලිකඅංශයට දීලා ආණ්ඩුවට ආදායමක් ගන්න වගේම මිනිස්සුන්ට කාර්‍යක්ෂම සේවාවාක් ලබා ගත හැකි

  4. sinha le says:

    සුලු ජාතින් මෙම තනතුරු වලට පත් කලාම මෙවෙනි දේ සිදුවනවා සතොස / තැපැල් /බාෂා / මේ සුලු උදාහරන