තිතටම මත.. ‘ලයන්’ බියර් සියළු ආනයන බදුවලින් නිදහස් කෙරේ..
October 4, 2016 at 3:00 pm | lanka C news
ලයන් බෘෘවරි සමාගම වෙත මාස 3 ක කාලයක් සඳහා ආනයනික බදුවලින් තොරව බීර ආනයනය සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබේ.
කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වනු ඇත.
ලයන් බෘෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව, පසුගිය මැයි මාසයේ ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන් අඩපණ විය. මේ නිසා සමාගමේ යන්ත්රසූත්ර සියල්ලක්ම පාහේ හානියට පත්ව තිබේ. එබැවින් දේශීය වශයෙන් නිෂ්පාදනයක් සිදුනොවන බැවින් මෙම ආනයනික බදු සහනය කෙටි කලකට සමාගමට ලැබී තිබේ.
ලයන් බෘෘවරි සමාගම වාර්ෂිකව රුපියල් බිලියන 25 ක බදු ආදායමක් ලබා දෙන බැවින් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ සමාගම විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත්තේ මාස 3 ක කාලයක් සඳහා බදු සහනයක් ලබා දෙන ලෙසයි.
ලයන් බෘෘවරි සමාගම දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක් සඳහා රු. 190 ක්ද, 5% ට වැඩි බීර ලීටරයක් සඳහා රු. 315 ක්ද බදු වශයෙන් ගෙවනු ලබයි.
– biz.adaderana.lk
suruttuwanta beemata beer factorywalata wadaa kasippu factory demmoth niyama gaja laabayak labanna puluwan.
අරක්කු බොන කෙනෙක් නම් ඔහුට පෞර්සත්වයේ අඩුවක් තියෙනවා. ලංකාව පිරිහිලා ඉංග්‍රිසි බෙහෙත් ගන්න අය වැඩි වෙලා. මෙහෙම ගියොත් නායක කමට සුදුසු කෙනෙක් තොරන ඒක කලු නික හොයනවා වගෙ අමාරු වෙනවා
හොද තීරණයක්. කර්මාන්ත ශාලාව වැහෙන එක නවතිනවා.
etakota munge insuranece tiyenne ahawal ekatada