තින්දුයි.. ඇමතිවරු 10ක් හෝ ඊට වැඩියෙන් ඉදිරි සතියේදී විපක්‍ෂයට යනවාමයි..- ඇමති අරුන්දික..

September 2, 2017 at 9:20 am | lanka C news
තින්දුයි.. ඇමතිවරු 10ක් හෝ ඊට වැඩියෙන් ඉදිරි සතියේදී විපක්‍ෂයට යනවාමයි..- ඇමති අරුන්දික..

තමන්ද ඇතුළුව ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මැති ඇමති දහ දෙනෙකු ඉදිරි සතියේදී ධුරයන් අතහැර විපක්‍ෂයට එක් වන බව නියෝජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පවසයි.

බොහෝ විට මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා මෙම තීරණය ගනු ලැබුවේ කලක සිට පවතින ගැටළුවලට විසදුම් නොලද නිසා බවද සදහන් කරයි.

එළැඹෙන 06 හෝ 07 වැනිදා තමන් ඇතුළ් පිරිස විපක්‍ෂයේ අසුන් ගන්නා බවද පවසන ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පෂක්‍යෙන් ඉවත් නොවන බවද කියා සිටී.

විපක්‍ෂයේ අසුන් ගැනීමට පෙර ජනාධිපතිවරයා මුණ ගැසී මේ ගැන දැනුවත් කරන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

133 views
Main News