තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ…

January 21, 2020 at 2:11 am | lanka C news
තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ…

තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි සජිත් චමින්ද නැමති 43 හැවිරිදි විවාහක අයෙකි.

නානුඔය පොලිස් වසමට අයත් ඩෙස්පොඩ් ක්ලාන්ටන් තේ වත්තේ (19) රාත්‍රි මෙම ඝාතනය සිදු වි ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

මරණකරු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවත්, එම අනියම් සම්බන්ධතාවයට බිරිද සහ බිරිදගේ සහෝදරයන් දැඩි ලෙස විරෝධය දක්වා ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

අනියම් සම්බන්ධතාවය මුලික කර ගනිමින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය සැකකරයි.

ඝාතකයා හදුනාගෙන ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා මේ වන විට නානුඔය පොලිසියේ කණ්ඩායමක් ක්‍රියාකරමින් සිටින බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,121 Viewers
Main News