තියුණු ආයුධවලින් කපා තරුණයෙකු ඝාතනය කෙරේ…

December 28, 2020 at 2:13 am | lanka C news
තියුණු ආයුධවලින් කපා තරුණයෙකු ඝාතනය කෙරේ…

කිලිනොච්චිය මුලංකාවිල් පොලිස් වසමේ ජෙයපුරම් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට මුලංකාවිල් පොලීසිය පවසයි.

මිය ගොස් සිටි පුද්ගලයාට තවත් පරිසක් විසින් අමානුෂිකව තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදු කොට පලා ගොස් ඇති අතර තුවාල ලැබූ තරුණයා මාර් ගයක වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් රෝහලගත කොට ඇතත් ඒ වන විටත් එම තරුණයා මිය ගොස් සිටි බවට පොලීසිය පවසයි.

මිය ගිය තරුණයාට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදු කොට ඇති බවට සැකපල කරන්නේයැයි පොලීසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ජෙයපුරම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සෙල්වරත්නම් ප්‍රදීපන් බවටත් අදාල ඝාතනය සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවටද මුලංකාවිල් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,226 views

One Comment to “තියුණු ආයුධවලින් කපා තරුණයෙකු ඝාතනය කෙරේ…”

  1. බූරු පුතාණෝ සජියා says:

    උතුරෙ දෙමළුන්ට කොටි ත්‍රස්ථවාදියෝ පුරුදු කරපු ඒව තමයි තවමත් ඔය විදියට මතුවෙන්නෙ.

Main News