තිරු නඩේෂන් ප‍්‍රශ්න කරන්න කැදවයි..

October 7, 2021 at 10:00 am | lanka C news
තිරු නඩේෂන් ප‍්‍රශ්න කරන්න කැදවයි..

හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් හෙට දිනයේ කැඳවා තිබේ.

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙසේ ඔහු කැඳවා ඇත.

අදාල හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කර තමනට මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම්දීම මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

තිරුකුමාර් නඩේෂන් මහතා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ අදාළ පත්‍රිකා වන්හි තමා හා තම බිරිඳගෙ නම සඳහන් වී ඇති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ කිරීමට ස්වාධීන පරීක්ෂකයෙකු පත් කරන ලෙසයි.

29,649 views

12 Comments to “තිරු නඩේෂන් ප‍්‍රශ්න කරන්න කැදවයි..”

  1. අපි ගොන්නු නොවේ....! says:

    නිදොස්කොට නිදහස්. මේක ලංකාවනෙ.

    • SANDUN DHAMMIKA says:

      එහම වෙන්නේ නැහැ බන් මේ පාර . දැන් ලංකාවේ සල්ලි $ නැහැ.
      දෙවියන් වහන්සේ උනත් මොකක හරි පටලවල සල්ලි ටික ගන්න බලන්නේ.

  2. ධඡෞඡෙඕනබඡෞ says:

    අපේ නඩු
    අපේ ජනපති
    අපේ අගමැති
    අපේ මුදල් ඇමති
    අපේ අගමැති පධානී
    අපේ…..
    අපේ…..
    අපේ……
    අපේ…
    මොනවට බය වෙනවද?

    නිදොස් කොට නිදහස්…බුහා….!
    ඇයි අවුල් ද?

    • Ranjan Somasinghe Balasuriya Arachchige says:

      in 5th decade Singapore was very poor people were living miserably. that position was completely changed by an iconic leader Lee Quan yo We have a number of iconic leaders to lead the country to the hell that is the deference.

  3. Jude perera says:

    Eya rata gihilla

  4. John the baptice says:

    මහබැංකු හොරා තවම නිදහසේ ලැජ්ජයි.

  5. udaya says:

    එක ඇත්ත මහබැංකුව කඩපු උන් තාම එළියේ , හොරුම කියනවා අනිත් එඋන් හොරුකියල

  6. මහී..... says:

    හාමුදුරුවනේ….. මුන් නිදොස් කොට නිදහස් සල්ලිත් එක්කම, ඇයි අවුල්ද? අල කොහොමද? බොම්බයි ලූනු කෑවද… 🤣

  7. Pandora says:

    Hiru Nadeshan is requesting to appoint an independent inquirer to investigate allegations against him. But the matter was referred to one of the most partial and corrupt institution. Final result is that he has not committed any offence to bring him before a court of law.

  8. M. බිසෝමැණිකේ says:

    ගරු අල්ලස් කොමසාරිස් තුමනි, නඩේසන් ආ ගමන් පැනඩෝල් පෙති 2ක් බොන්න දෙන්න. මොකද මේ පැන්ඩෝරා ප්‍රවෘතියත් නිසා මිනිහා සහ නිරූපමාට අපහාස වී ඇතැයිද එනිසා ඔවුන්ට හිස අමාරුව සැදී ඇතැයිද නඩේසන් ලිපියක් මඟින් තම මස්සිනා වන නන්දසෙන රාජපක්ෂට දන්වා ඇති නිසා. නිරූපමාට දෙන්න කියා තව පැනඩෝල් පෙති 2ක් දෙන්න ගෙදර ගෙනියන්න.

  9. සෙනරත් says:

    ඔන්න ඇලට් එකේ ඉදපල්ලා …..මේකට කෑගහන උන් ටිකය් මීක් කියන්නෙ නැතිව ඉන්න උන් ටිකයි හොදට මතකතියාගන්න….මීක් නැති උන්= පට්ට හොරු…කෑගහන උන් = හිගන්නො