තිලක් මාරපන පුනුරුප්ථාපනය වුන නිසා විදේශ ඇමතිකම දුන්නා.. විජේදාසටත් එහෙම වුනොත් යලි ඇමතිකමක්..
August 24, 2017 at 10:40 am | lanka C news
යහපාලන ආණ්ඩුවේ හිටපු නීතිය හා සමාය පිලිබඳ අමාත්‍ය ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ වූ බැවින් එදා ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සිදු වුවත් මේ වනවිට ඔහු පුනුරුත්ථාපනය වී ඊට පසු නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වු බව ඊයේ කැබිනට් තීරණයන් දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වු කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
අවශ්‍යනම් අනාගතයේදි ඊයේ ඇමතිකමෙන් නෙරැපුණු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂටත් නැවත පුනුරුත්ථාපනය වී ඇමතිකමක් ලබා ගැනීමට හැකියාවක් ඇති බවට ද කැබිනට් ප්‍රකාශක රාජිත.සේනාරත්න අමාත්‍යවරයා විශ්වාසය පල කලේය.
වීඩියෝව මෙතනින්