තිසර පෙරේරා විසිකර දමයි.. සියළු ක්‍රිකට් නායකත්වයන් දිනේෂ් චන්දිමාල්ට..
December 28, 2017 at 11:20 am | lanka C news
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබා දීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇති බව වාර්ත වෙයි.
කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අදහස් වී ඇත්තේ ටෙස්ට් හා එක්දින තරග දෙක සදහාම එක් නායකයෙකු පත් කල යුතු බවයි.
ඒ අනුව දැනට ටෙස්ට් නායකත්වය දරන දිනේෂ් චන්දිමාල් එක්දින තරග සදහාද නායකත්වයට පත් කෙරෙනු ඇති බව සදහන්ය.
ඉන්දියාව සමග පැවති සියළු තරගාවලි අසාර්ථක වීම නිසා සහ පුද්ගලිකවද දක්ෂතා නොපෙන්වීම නිසා තව දුරටත් තිසර පෙරේරා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස තබා නොගත යුතු බවට ක්‍රිකට් බලධාරීන් සාකච්චා කරමින් සිටී.
එන වාසයේදී පැවැත්වෙන බංගලාදේශ සංචාරයෙදී චන්දිමාල් සියළු තරගවල නායකත්වය දරනු ඇති අතර චන්දික හතුරුසිංහ ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස සහභාගී වන පළමු තරගාවලියද එය වෙයි.
He continuesly fail in bawling and bating.he should not be included in the team.
Kurusa karayo kandayamen iwath kala yuthui