තිස්ස අත්තනායක මැතිවරණයට එපා.. පරාජයේ සලකුණ ඔහුයි..- පසුපෙල මන්ත‍්‍රීන් කියති..

February 18, 2020 at 1:20 pm | lanka C news
තිස්ස අත්තනායක මැතිවරණයට එපා.. පරාජයේ සලකුණ ඔහුයි..- පසුපෙල මන්ත‍්‍රීන් කියති..

එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයෙන්ම මැතිවරණයට පැමිණීම පිළිබඳව එජාප පසුපෙළ මන්ති‍්‍රවරුන් විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

2015 රටේ තිරණාත්මක ජනාධිපති මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පාවාදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ තිස්ස අත්තනායක මෙවර නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිදුකරන්නේ ආණ්ඩුවේ ඞීල් එකක් යැයි ඔවුන්ගේ මතය වී තිබේ.

2015දි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ජනාධිපති කරවීමට තිබූ අවස්ථාව අහුරාලමින් පක්ෂයට හතුරු වෙමින් සිදුකළ කි‍්‍රයාව මෙවර සජිත් පේ‍්‍රමදාස මහතා ඉලක්ක කරගනිමින් ඔහුගේ දේශපාලන අනාගතය විනාශ කිරිමේ සැලසුමක් විය හැකි යයි එම මන්ති‍්‍රවරුන් අතර අදහස් හුවමාරු වී තිබේ.

පක්ෂයේ මහලේකම්ව සිටියදි කිසිදු මැතිවරණයක් ජයග‍්‍රහණය කළ නොහැකි වූ බවත් මෙවර ඔහුට නැවත එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයට රිංගා එළඹෙන මැතිවරණයේ ජයග‍්‍රහණය කඩාකප්පල් කිරිමට ඉඩදිය නොහැකි බවද එජාප පසුපෙළ මන්ති‍්‍රවරු පවසා ඇත.

25,758 Viewers

3 Comments to “තිස්ස අත්තනායක මැතිවරණයට එපා.. පරාජයේ සලකුණ ඔහුයි..- පසුපෙල මන්ත‍්‍රීන් කියති..”

  1. kkuruwita says:

    තමන්ලාගෙ බැරිකම් වහගන්න තිස්ස පිට පරාජයේ වරද පටවන්න හදන මේ මිනිස්සු දැන්මම මහ චන්දෙ පරාදවෙලා වගේ පේන්නෙ. ඔය කියන පසු පෙල සෙට් එකට වඩා තිස්ස රට ජාතියට ආදරේ තියෙන වටිනා මිනිසෙක්. උන් වගෙ හොරෙක් නෙවෙයි. වැදගත් මිනිහෙක්. කනගාටුව තිස්ස ඉන්නෙ වැරදි තැන

  2. Aurora says:

    UNP කාරයෝ හරක්. උන්ගේ පක්ෂේ සලකුණ අලියා නොවේ බූරුවා ගත්තනම් තමයි වඩා හොඳ. තිස්ස තමයි 2015 කිව්වේ සිරිසේන නොවෙයි පක්ෂේ කෙනෙක් ජනාධිපතිවරනෙට ඉදිරිපත් කල යුතුයි කියල. ඒක අහන්නේ නැතිව ආප්ප සිරා ඉදිරිපත්කරලා කෙලවගත්තට තිස්ස පලිද? UNP නුගත් රැලට සජිත් මිස තිස්ස වගේ BSc පොරක් ගැලපෙන්නේ නැහැ. තිස්සගේත් UNP ගොන්කම තියනනිසයි 2015 UNP එකෙන් ගැලවුණා වගේ දිගටම මහින්දත් එක්ක නොහිටියේ.

  3. ananthan says:

    Mr.Tissa Attanayaka is not a Yahapala Hora. He is a well educated & patriotic gentleman politician who is not part of the back bench united national party MPs. He is a real united national party politician.We, as UNP followers should pay respect and gratitude always. You will be the next King of Kandurata.!!!!!!!!!

Main News