ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට…

August 9, 2021 at 10:00 am | lanka C news
ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට…

ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි සහ එහි අක්කර තිස්තුන්දහසක් ඇමෙරිකාවට බදුදීම සඳහා ආණ්ඩුව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්කර ඇතැයි ¥ෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

ආණ්ඩුව ජනතාවට කියනවා කොවිඞ් හමුවේ මහ පාරටවත් බහින්න එපා කියලා. කොවිඞ් පතුරුවන්න ජනතාවට අවශ්‍ය නැහැ.

එන්නත ලබාදීම ප‍්‍රමාදවීම නිසා වයස අවුරුදු 60 ට වැඩි අය මියගියා. ඒ සම්බන්ධව ආණ්ඩුව වගකීම භාරගත යුතුයි.

ආණ්ඩුව නිසි විසඳුම් ලබානොදීම නිසා ගුරු සංගම්, විදුහල්පතිවරු සිය වැටුප් විෂමතා සම්බන්ධව උද්ඝෝෂණය කරන්න අරගල කරන්න පටන් අරන් තියෙනවා.

කොතලාවල ආරක්‍ෂක පීඨ පනත නිසා තවත් අර්බුදයක් රට තුළ ඇති කරලා.

මේ අතර උදය ගම්මන්පිල මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙනවා ති‍්‍රකුණාමලය වරාය, තෙල් ටැංකි ටික සහ අක්කර තිස්තුන්දහසක භූමි ප‍්‍රමාණයක් ඇමෙරිකාවට බදු දෙන්න.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ කුමන මානසිකත්වයෙන් දැයි කියා මින් ජනතාවට තේරුම්ගත හැකැයි. මේ ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අය සිටින්නේ ඇමෙරිකානු මානසිකත්වයෙන්.

පවසුගිය කාලයේ ඛනිජ තෙල් පනත සංශෝධනය කරලා ඇමැතිවරයාට අවශ්‍ය පරිදි පෞද්ගලික සමාගම්වලට තෙල් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

හම්බන්තොට වරාය චීනයට බදු දුන්නා. එය ආයෝජනයක් ලෙස පැවසුවා. එය ආයෝජනයක් ලෙස සලකන්න අකමැතිවූ මේ ආණ්ඩුව අද ති‍්‍රකුණාමල වරාය තෙල් ටැංකි ඇමෙරිකාවට බදු දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල එකතුවී සිටිනවා.

ඊට අමතරව කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර ව්‍යාපෘතියේ සියයට හතළිහක් ඇමෙරිකාවට ලබාදෙන්න තීන්දු කරලා.

මේ අනුව අත්සන් නොකරනවා කියපු එම්.සී.සී. ගිවිසුම ආණ්ඩුව කි‍්‍රයාත්මක කරනවා.

රටේ සම්පත් විකුණන්න ජනතාව මේ ආණ්ඩුවට බලයදී නැහැ.

එම්.සී.සී. ගිවිසුම හරහා සකස් කළ ඇමෙරිකානු කොරිඩෝව ති‍්‍රකුණාමලය වරයා හරහා කෙරවලපිටිය නොරච්චෝල විදුලිබලාගාර දක්වා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් මේ ආණ්ඩුව ලබාදෙනවා.

හම්බන්තොට වරාය චීනයට, ති‍්‍රකුණාමලය, ඇමෙරිකාවට, කොළඹ වරාය ඉන්දියාවට දුන්නට පස්සේ රටේ ජනතාවට සිදුවන්නේ හැංගෙන්න බංකර් හදාගන්න විතරයි.

අද විමල් වීරවංශලාගේ, උදය ගම්මන්පිලලාගේ දේශපේ‍්‍රමය රෙද්දපල්ලෙන් බේරෙනවා.

මෙලෙස විකුණන්න හදන ජාතික සම්පත්වලට එරෙහිව ජනතාව පාරට බහින්න පෙර මෙම පනත් හකුලා ගන්න කියා ආණ්ඩුවට අප කියනවා. මේවාට විරුද්ධ ජනතාව පාරට බහිනකොට කොරෝනා පතුරන්න හදනවා කියා පවසන්න එපා.

– divaina

47,893 views

35 Comments to “ති‍්‍රකුණාමල වරාය, තෙල් ටැංකි හා අක්කර 33,000ක් ඇමෙරිකාවට.. කැබිනට් පත‍්‍රිකාව අනුමැතියට…”

  1. සවි අරික්කාල says:

    බැයිද දියවන්නාවයි පාර්ලිමේන්තුවයි ඇමරිකාව බැරිනම් ස්වාසි ලන්තයට හරි විකුණලා දාන්න?

  2. Jayantha says:

    I can’t see anything wrong with this cabinet paper. Please note that I am not a SLPP supporter or I didn’t vote for them either. Understand that country needs investments for a strong economy. Without investments our employment rates will go higher further. From 1970 to 1977, we had a so called socialist government which introduced Keynesian economic policies. Its helped to creat few local Mudalalis such as Dasa, Sri Ramya, Pala and etc. where are they now. All of them made money for themselves and faded away. Because there was no market competition under so called socialist government.

  3. Jayantha says:

    I can’t see anything wrong with this cabinet paper. Please note that I am not a SLPP supporter or I didn’t vote for them either. Understand that country needs investments for a strong economy. Without investments our unemployment rates will go higher further. From 1970 to 1977, we had a so called socialist government which introduced Keynesian economic policies. Its helped to creat few local Mudalalis such as Dasa, Sri Ramya, Pala and etc. where are they now. All of them made money for themselves and faded away. Because there was no market competition under so called socialist government.

  4. සනත් ඉතාලිය says:

    දවල්ට රතු කමිස. රෑට රෑට හාමුගෙ අගුපිලේ. ජප්පන්ට ගිය කලක් උන් වැටුන තැනක්. ඔය රගපෑම විශිස්තයි. නැත්නම් 3% හැලෙනව.

    • සෙනෙවිරත්න says:

      හාමුත් එක්ක පාටි දාන්න මහින්දට හොඳයි. රාජපක්ෂල බේරගත්ත හාමු. නැත්නම් හිරේ. රට රකින විරුව ඇරපු ඇරිල්ලට රිදිච්ච බයියෙක්⁣ ජෙප්පන්ට බැනල හිත හදාගන්නව

  5. ක්‍රිමිනල් says:

    ලංකාවට හරියන්න නම් ජෙප්පන්ට ඇප නැති වෙන්න ඕන.

    • සෙනෙවිරත්න says:

      උඔට ර⁣ට රකින විරුව ඇරපු ඇරිල්ලට ජෙප්පන් පලිද

  6. TNA says:

    Halamothe weda

  7. රතු හැට්ටකාරි says:

    අන්න මූ කියන්නේ බොරු කියලා ගම්මන්පිල මුහුණු පොතේ දාලා තිබෙනවා. පුළුවන් නම් කැබිනට් පේපර් එක පෙන්වන්න කියලා අභියෝග කරලා තිබෙනවා. ජෙප්පන්ගේ බොරුවයි ප්‍රචණ්ඩත්වයයි නිසා මේ රටේ වමේ ව්‍යාාරයට තිබුණු ගෞරවය බිංදුවට වැටුණා.

    ජවිපෙ එන්ජිඕවක් බවට පත් කරන්න මම යෝජනා කරනවා.

  8. Saradiel says:

    රනිල් සිරිසේන රජය කරපු ජඩ වැඩවලට මුන්ගේ කට වැහිලා ලැජ්ජයි

Main News