තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති

April 14, 2021 at 9:20 am | lanka C news
තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති

යාපනය නගර ආරක්ෂක බලකාය පිළිබඳ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් නිල ඇඳුම වෙනස් කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර තීරණයක් ගන්නා බවත් යාපනය නගරාධිපති විශ්වනාදන් මනිවන්නන් පැවසීය.

යාපනය නගරය අලංකරණය වෙනුවෙන් පත් කළ බලකාය සඳහා හඳුන්වාදුන් මෙම නිල අඳුමට සමානම නිල ඇඳුමක් කොළඹ මහ නගර සභාවේද පරිහරණය වන බවත් එම නගර සභාවෙන්ද සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. ප්‍රවර්ධනයක් දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම කියා සිටියේය.

ආන්දෝලනයට ලක් වූ මෙම නිල ඇඳුම ගැන පොලිසිය කිසිදු තීරණයක් දැනුම් දුන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ.ය ප්‍රවර්ධනය කළ බවට නැගෙන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. නගරය අලංකරණය කිරීම සඳහා එවන් කණ්ඩායමක් හඳුන්වා දුන්නේ පිරිසුදු චේතනාවෙන්. මෙහි දී මා අත්අඩංගුවට ගත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත යැයි නගරාධිපතිවරයා කියා සිටී.

යාපනය නගරයේ බුලත් කෙළ ගසන, කසළ විසි කරන, අපවිත්‍ර කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා යැයි කියමින් නගර ආරක්ෂක බලකාය නමින් කණ්ඩායමක් නගරාධිපතිවරයා පසුගියදා පත් කරන ලදී. ඉන් අනතුරුව ඇති වූ තත්ත්වයන් පිළිබඳ නගරාධිපතිවරයාගෙන් කළ විමසුමේ දී ඔහු ඒ බව පවසා සිටියේය.

– aruna

31,376 views

15 Comments to “තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ස ආයෙත් නාගෙන වගේ

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඊලාම් කාරකාරයෙක්ට අධෝ වාතයක් ගියත් අපි බලාගෙන ඉන්නේ ස’ ෆේල්…. ස’ෆේල්….ස’ෆේල් කියන්න.

      කැරලි ගසා මිනී මැරීම, හිටගෙන පච විදීම, කර්මාන්තශාලා ගිනි තැබීමට අමතරව අපිට පුලුවන් එකම දේ තමා ස’ ෆේල් කියන එක.

      • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

        යකෝ “මාක්ස් වාදී ජෙප්පා”

        තොපිට කොච්චර කියලා තියනවද පුංචි අම්මගේ කලපනාවෙන් මෙව්වා කරන්න එපා කියලා. තෝ මෙතන වණ කරනවනේ. බලාපිය තොගේ හිතේ තියන දෙවල්කියන්න ගියොත් මොකද වෙන්නේ කියලා. තෝ දෙන දෙයකින් කාලා, අපි කියන දෙයක් විතරක් කර ගෙන හිටු.

    • කුවෛට් පොඩි එකා says:

      ෂිට් ..විතරක්….. මේවත් අහන්න උනානේ……..අපේ ස හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ…….මෙහෙම කියන්න ඉඩ දෙන්නෙත් නැ …. කියන්න තියා හිතන්න දෙන්නෙත් නෑ….. කොහෙද මේ සිරිසේනත් එක්ක බෑනේ……

    • Dilan says:

      මෙවැනි දේ වලට දියුණු කියන රටවල් කලබල වෙන්නේ නැහැ. ඕක ඔහොම යන්න අරිනවා.

      ඊට පස්සේ හිමින්ම මේ මිනිහගේ වෙන වැරදි හොයනවා. එකක් අල්ලලා රිඹ අරිනවා.

  2. Theeraka says:

    Prabakaran also started with just only five cadres. History can repeat itself. And most importantly anything that can be nipped in the bud should be removed before it grows. Even the man who climbed the tree to drink the toddy said he went to get some grass for the cattle. You can fool some time but you can’t fool always.

  3. Nishantha says:

    මේ ක්‍රියාව ෆෙඩරල් රාජ්‍යක්
    වන ස්විට්සර්ලන්තයේ ආකෘතියට සිදුකර තිබෙන බව පැහැදිලියි එහි නගරසභාවලත් මෙවැනි නගරසභා පොලිසි තිබෙනවා. ඒවගේම එහි ස්රිලන්කාවෙන් පලා ගිය කොටි ලක්ෂ ගණනක් සිටිනවා.ඊලාම් ටැක්සි යන නමින් බර්න් නුවර ටැක්සි සෙවයක් පවා තිබෙනවා.This is first step in getting police powers. If this is not stopped they will go ahead another step one by one. Sri Lanka police has a environment division they can handle it. There’s no need for another force. Provincial /city councils have no authority to do this. Disolve this council. American ambassador voiced her opinion now it’s going to be UK, Canada, Switzerland, German etc they’ll all get together with LTTE

  4. Aurora says:

    මහනගරසභා වලින් සේවය ලබන්නේ නාගරික සිමාව තුල සිටින ජනතාව පමණක් නොවේ. එමනිසා නගරය තුල ජනතාවගේ චන්දයෙන් පමණක් මහ නගර පාලනය කිරීම සාධාරණ නැත. එමනිසා මහනගර සභා පාලනය සඳහා වෙනත් ක්‍රමවේදයක් සැකසිය යුතුයි. එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කලහැකිය.

  5. SKF says:

    නගරය පිරිසිදු කිරීම අරමුණ නම්, “නගර පිරිසිදු බලකාය” කියන්නෙ නැතුව, “නගර ආරක්ශක බලකාය” කියන්නෙ ඇයි?

  6. Ayotallah says:

    This is the first step towards establishing an Eelam in NE. After the PC elections these people along with India and western stooges wants land and police powers to PCs Then they prohibit the visits of Sinhalese and ban burials as happened in Mulativu. Then claim for NE confederation and declare a country NIP the BUD NOW

  7. බලු කුක්කා says:

    රට බල්ලට ගියා — බල්ල රට ගියා .

  8. Dinidu Perera says:

    Give PCs

  9. LION says:

    මු ටත් නන්දිකඩාල් යන්න සිතිලා

  10. පොල් බූරුවා says:

    මූ මේ නගරාධිපති වෙලා මෙහෙම දඟලන්නේ. පලාත් සභා දුන්නම මොනව නොකරයිද. පලාත් සභා චන්ද තියලා, උතුරැ නැගෙනහිර වෙන් කරලම දීපල්ල.

Main News