තීරණාත්මක කුමන්ත‍්‍රණයක් පරදමින් ගෝටාභය හෙට කටුනායකින් බසී… පිලිගන්න මහ සෙනගක් ගුවන් තොටට..

April 11, 2019 at 10:14 pm | lanka C news
තීරණාත්මක කුමන්ත‍්‍රණයක් පරදමින් ගෝටාභය හෙට කටුනායකින් බසී… පිලිගන්න මහ සෙනගක් ගුවන් තොටට..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හෙට පෙරවරුවේ කටයුනායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදයේ දින කිහිපයක පුද්ගලික සංචාරයකින් පසු ඒ මහතා ආපසු හෙට මෙරටට පැමිණේ.

ඇමරිකාවේ ගතකල කාලය තුලදී ඒ මහතාට විරුද්දව සිවිල් නඩු දෙකක් පවරන ලද අතර ඇමරිකාවෙන් පිටවීමට නොදී එහිම රදවාගන්නා ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබින.

නමුත් එම ඉල්ලීම ඇමරිකා බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පිලිගැනීම සදහා විශාල පිරිසක් හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපලට එක්වනු ඇති බවත් වාර්තා වෙයි.

හෙට දිනයේ කටුනායක ගුවන් තොටුපල ආරක්‍ෂාව දැඩි කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

135 views