තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්..

March 2, 2020 at 12:02 am | lanka C news
තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්..

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහා ඊයේ දින පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

එහිදී පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය විසින් තීන්දු කර ඇත්තේ අලියා ලකුණ යටතේ තරඟ කිරීමටයි.

නමුත් සුළුතර පිරිසක් වන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම පවසා ඇත්තේ නව සන්ධානයක් බැවින් තරග කළ යුත්තේ දුරකථනය ලකුණ යටතේ බවයි.

නමුත් බහුතරය නියෝජනය කරන පාර්ශවය දැඩිව කියා ඇත්තේ අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය වෙනම තරග කිරීමට තීන්දුකර ඇති බව ද වාර්තා වෙයි.

නව සන්ධානය සදහා හංසයා ලකුණ ලබාදීම සඳහා එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රවි කරුණානායක මහතාගේ පාර්ශ්වය දැඩි කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් එය ද නොකෙරෙන තැනකට පත්වී තිබින.

264 views

26 Comments to “තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්..”

  1. Banana suj says:

    මේ ඔක්කොටම හේතුව සජිත් මහත්තය අමු ගොන් බුරුවො ටිකක් ලංකරගෙන ඉන්න එක. දවස ගානේ පච වෙනවා. පොඩි එකෙක් ඡන්දෙට යනවා වගේ.
    අජිත් පෙරේරා, මද්දුමබණ්ඩාර වගේ අයට දේශපාලන ඉදිරි දැක්මක නෑ. මේවගේ අලවෙන සෙට් එකක් කොහොමද රටක් පාලනය කරන්නේ?

  2. Matara sunil says:

    දුරකථනය වෙනුවට රංජව ලකුණ කරනම් හොඳයි.

  3. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    සජිත්ගේ ටිකිරි මොළයට දේශපානය තේරෙන්නේ නැහැ. මිනිහ සුදුසු නොවන අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වී නා ගත්තා. සුදුසු නොවන වෙලාවක පක්ෂ නායකත්වය සහ සන්ධාන පිහිටවීමට යනවා. මේ වෙලාව සජිත් නොවෙයි විශ්වකර්මයා ඉදිරිපත් වුණත් එජාපයට අවාසිසහගතයි. සජිත්ගේ සමීපතමයන් ලෙස පෙනී සිටින අයගේ චර්යාව රන්ජන්-හිරුණිකා හඬපටවලින් ජනතාවට පේනවා. සජිත් මේ කරන්නේ අකාලයේ තමාගේ දේශපාලන ජීවිතය විනාශ කරගැනීමයි

  4. charles says:

    Unfortunately Sajith is not a born leader. He just tries to copy what his father did. UNP was the biggest party in SL some time ago. UNP needs a good leader to make party powerful again.

Main News