තීරණාත්මක මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.. බහුතර කැමැත්තෙන් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..

April 24, 2018 at 8:40 am | lanka C news
තීරණාත්මක මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි.. බහුතර කැමැත්තෙන් ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..

අද පස්වරු 08.00ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී හමුවීමට නියමිතය.

ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත්වූ ශ‍්‍රිලනිපයේ 16 දෙනාද මේ හමුවට සහභාගී වෙයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව තව දුරටත් ජාතික ආණ්ඩුව තුල සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තීරණය කිරීමට නියමිකය.

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සදහන් කරන්නේ තමනට මධ්‍යම කාරක සභාවේ බහුතරය ඇති බවත් අද ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය බහුතර කැමැත්තෙන් ගැනීමට සූදානමින් සිටින බවත්ය.

නමුත් සන්ධාන හා ශ‍්‍රීලනිප මහ ලේකම්වරුන් ඇතුළු පිරිසක් පවසන්නේ ජාතික ආණ්ඩුව තවත් ඉදිරියට යන බවත් ඒ සදහා වැඩපිලිවෙලක්ද සකසා අවසන් බවත්ය.

70 views
Main News