තීරණාත්මක සාකච්චාවකට 16 කණ්ඩායම වීරවංශ හමුවේ..

June 25, 2018 at 6:48 pm | lanka C news
තීරණාත්මක සාකච්චාවකට 16 කණ්ඩායම වීරවංශ හමුවේ..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම හා ජාතික නිදහස් පෙරමුණ අතර වන සාකච්චාවක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

මෙම හමුව සදහා 16 කණ්ඩායමේ වැඩි පිරිසක් සහ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී මෙම හමුව පස්වරු 01.00ට පැවැත්වෙන අතර ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්චා කෙරෙනු ඇතැයිද වාර්තා වෙයි.

26 views
Main News