බදු සහන වාහන ගෙන්වීම අත්හිටුවයි.. ඩොලරය රැකගන්න අද සිට ක්‍රියාත්මකයි..

September 29, 2018 at 4:45 pm | lanka C news
බදු සහන වාහන ගෙන්වීම අත්හිටුවයි.. ඩොලරය රැකගන්න අද සිට ක්‍රියාත්මකයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු සහන මත වාහන ගෙන්වීම වසරක කාලයක් සඳහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එමෙන්ම රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු ආදිය සදහා වාහන ගෙන්වීම  නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වෙයි.

රාජ්‍ය නිලධාරීන්ටද තීරුබදු සහන මත වාහන ගෙන්වීම මාස හයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ’

රුපියල අවප්‍රමාණය පාලනය වීම සඳහා රජය විසින් මෙම පියවර ගෙන ඇති අතර මෙම තීරණ අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි.

247 views

9 Comments to “බදු සහන වාහන ගෙන්වීම අත්හිටුවයි.. ඩොලරය රැකගන්න අද සිට ක්‍රියාත්මකයි..”

  1. simion says:

    අගමැට්ටගේ කෝටි පණස් ගණන්වල කාර් දෙකත් නැවැත්තුවද, ..සෑර්?…

  2. Alapaluwa says:

    තම තමන්ගේ අභිප්ප්‍රය ඉෂ්ට කරගත් පසු ඉතින් තවත් මොනවද අවුරුද්දක් ඇතුළත ගෙන්වන්න පුළුවන් සියළුම අවශ්‍ය වාහන ගෙන්වාගත්පසු තවත් මොනවද මුන්ට ගෙන්වන්න තිබෙන්නේ? ,ලබන අවුරුද්දේ ඉතිරිටික කරගන්න බැරියා නේද හිටං!

  3. Dp says:

    දැන් ගෙන්න ඔ නේ ඔක්කොම ගෙනල්ල
    ඉවරයිනේ .ඉවක් බවක් නැතුව හොරකම් කරලා දැන් පැලැස්තර අලවල වැඩක් නැ.

  4. sakalabujan says:

    සැප වාහන ගේන්න දෙන්නෙ නෑ.. චීස්-වයින් ආදිය අතහරිින්න.. රුපියල රකින්න පටි තදකරගන්න.. – මුදල් ඇමති

    අගමැතිට කෝටි 59ක කාර් දෙකක්..

  5. Amda says:

    පාර්ලිමෙන්තුවේ වාහන ගෙන්න කව්රුත් නැහැ . ඔක්කොම අරන් ඉවරයි. අව්රුදක් තහනම් කරල වැඩක් තියෙනව ද. අවරුදු 5 ක් ඉවර වෙන්න ඔනා අයේ වාහනයක් ගෙන්නන්න. මේ බයිලා මොඩයන්ට හොදයි!

    • ඇම්ඩන් says:

      මේ කතාව හරි. මන්ත්‍රීවරයෙකුට වාහන පලපත්‍රයක් ලැබෙනුයේ වසර පහකට වතාවක් පමණක් නිසා මේ මොහොතේ වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටෙව්වාය කියා ඉන් බලපෑමක් සිදුවන කිසිවෙකුත් පාර්ලිමේන්තුවේ නෑ.

      ඒ නිසා තොරතුරු දැන ගැනීමේ පණත යටතේ කථානායක ගෙන් හරි පාර්ලිමේන්තු මහලේඛම් ගෙන් හරි පහත ප්‍රශ්න විමසා සිටිය යුතුයි.

      දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් වාහන බලපත්‍ර අරගෙන ඇති අයගෙන් එසේ අවසාන බලපත්‍රය ලබා ගත් දිනය කුමක් ද ඔහුට හෝ ඇයට නැවත බලපත්‍රයක් ලබා ගත හැකි දිනය කුමක් ද?

      වාහන බලපත්‍ර ලබා ගෙන නැති අය සිටී නම් ඒ අය කව්ද?

      මේවා අහන්න ගිහිලා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කලා කියලා අපිට හිරේ යන්න වෙයිද දන්නෑ!

      එහෙම නැතිනම්, අර ඛණිජ තෙල් මිල සූත්‍රය වගේ, මන්ත්‍රීවරු වාහන බලපත්‍ර ලබා ගත් දින ටික හෙළි වුනොත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වේවි කියලා කියයිද දන්නේ ත් නෑ!!

      මරු තොරතුරු දැන ගැනීමේ පණත!!!

  6. ගන්ජ බන්ඩා says:

    මහ බැංකුව මහ දවල් හ‌ොරා කාලා තමන්ට ඇති තරම් වාහන ග‌ෙන්වා ගනෙ ඉවර ව‌ෙලා ජහපාලන හැත්ත ජනතාව අන්දන්න ගන්ජ සුරුට්ටුවක් ගහග‌ෙන වැදි බන කියනවා.

  7. සීගිරි says:

    තත්වය අති භයානකයි !!!!!!!
    ආණ්ඩුව මිනිස්සුන්ගේ savings account ටිකත් හූරාගන්න ඉඩ තියෙනවා.ඕනෑම මොහොතක ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවා ගන්න බැරි වෙන්න , ATM යන්ත්‍ර වසා දමන්න (තැන්පත් මුදල් ආපසු ගන්න බැරිවෙන ලෙස) හා බැංකු කීපයක් බංකොලොත් බව ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා.
    සේවක අර්ථසාධක අරමුදලට,මහ බැංකුවට තියපු අත savings accounts වලට නොතියා ඉදීවිද? ලබ්බට තියපු අත පුහුලට නොතියා ඉදීවිද ?

  8. සනත් ඉතාලිය says:

    MATA AHANNA THIYENNE EKAMA PRASHNAYAYI OYA KIYANA VIDIYATA PAARLIMENTHUWE BADU SAHANA YATHATE WAAHANAYAK NOGATHTHA EKAMA MANTHRI KENEK INNAWANAM NAMKARANA LESAYI OKKOMA KUNU BENGAALE BOKKATA ANTHIMATA PODI MINIHATA THAMAYI OKKOMA HENA HENAMA GAHANAWA MUNTA MAHAPAAREMA

Main News