තුණ්ඩුවට එන්නත නොදුන් වෛද්‍යවරියට එරෙහිව නාගරික මන්ත‍්‍රී පොලිසියට පැමිණිලි කරයි..

June 29, 2021 at 1:20 pm | lanka C news
තුණ්ඩුවට එන්නත නොදුන් වෛද්‍යවරියට එරෙහිව නාගරික මන්ත‍්‍රී පොලිසියට පැමිණිලි කරයි..

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන ස්ථානය වෙනස් කළේ යැයි මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට එරෙහිව මොරටුව නාගරික මන්ත්‍රීවරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

එමගින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම ක්‍රියාවලිය මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ජනතාව අපහසුතාවයට පත් කර ඇති බවයි.

පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් තැන වෙනස් කරමින් දෙවන මාත්‍රාව වෙනම ස්ථානයක ලබා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කටයුතු කර තිබුණු බව මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් සදහන් කර ඇත.

මොරටුව පොලිසිය සදහන් කරන්නේ පැමිණිල්ලක් භාර ගැනීම තම රාජකාරි නිසා එය භාරගත් බවත් මේ සම්බන්ධයෙන් ඉහළ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස පැමිණිල්ල කළ මන්ත්‍රී වරයාට දැනුම් දුන් බවත් ය.

එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සතු කාර්යයක් බව ද පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.

මොරටුව නගරාධිපතිවරයා හා එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය අතර මත ගැටුමක් ඇති වූයේ ද මෙම පළමු එන්නත් මාත්‍රාව ලබා දීමට ගිය අවස්ථාවේදීය.

32,691 views

14 Comments to “තුණ්ඩුවට එන්නත නොදුන් වෛද්‍යවරියට එරෙහිව නාගරික මන්ත‍්‍රී පොලිසියට පැමිණිලි කරයි..”

  1. කමල් says:

    වෛද්‍යවරිය හරි හෝ වැරදි විය හැකිය. මේ නගරාධිපතියා හරි හෝ වැරදි විය හැකියි. නමුත් දැන් ඔහු නිවැරදි නොවන බවත් පලිගැනීමට යත්ත දරන බවත් පෙනී යන නිසා වෛද්‍යවරියගේ ආරක්ෂාව සහ ජනතාව අවධියෙන් සිටීම වැදගත්, මේවා බලාගන්න කවුරුත් නැහැ ඒත් එක නීතයක් තිබිය යුතුයි (එක රටක් එක නීතයක් මේවා ජනාධිපතිතුමා අපහසුතාවයට පත්කිරීමට කවුරු හරි කරන වැඩද යන්න බුද්ධි අංශ සීරුවෙන් සිටිය යුතුයි)

  2. කුසුම් දල්පදාදු says:

    ඇමතිලා, මන්ත්රිලා, නගරාධිපතිලා, නාගරික මන්ත්රිලා සහ කී නොකී කාලකන්ණි මේ එන්නත්කරණ වැඩ සටහන් වලින් අයින් වෙලා අදාළ අයට ඒක කරගෙන යන්න දීපියව් කියල තමා කියන්න වෙන්නේ.

  3. Sura says:

    මහජන ඡන්දයෙන් පත්වෙලා මහජන බදු භක්ෂණය කරමින් යැපෙන මේ වගේ අසමජාති දේශපාලුන්ට එරෙහිව නැගිටීමට කාලය එළෙඹ ඇති බවයි හැගෙන්නේ.
    මේ ජඩ දේශපාලුවන්ට එරෙහිව නැගිටීම කළ මෙම නිලධාරිනියට අපගේ උත්තමාචාරය….

  4. sana says:

    ballage wade booruwa nokara thamange office ekata wela hitapan sabapathiyo….medical team ekak inne vaccine wade karanna…

  5. 🤣🤣🤣🤬 says:

    අටපාස් එවුන් පෙන්වනා සුදු ලෝගු බලය
    වඩා බලද උගත් දොස්තර වෙදනලා බලය
    උගත්කම හෑල්ලු කර මන්ත්‍රී පිම්බුව බලය
    ලෙඩවූ දා ඔහුට පෙනේ වෙද නලාව බලය

  6. Boo says:

    මේ නූගත් නාගරික ගොන් තඩියාට අසූචි ගසා පන්නා දැමිය යුතුයි. නූගත් කම වැඩි වෙන්න වැඩි වෙන්න මුන් හිතාගෙන ඉන්නෙ සියල්ල දත් පඬි කියලා.

  7. මහ මොළකරු says:

    අට පාස් නැති මුන් දැන් උගන්වන්න යන්නේ වෛද්‍ය වරුන්ට නේ. මේ කලකන්නි දේශපාලු හැත්ත ඒ අදාල අංශයට ඕක කරන්න දීලා පාඩුවේ හිටියා නම් මේ කිසිම ගැටලුවක් නෑ නේ.

  8. Jilbu says:

    බල්ලන් බැඳ දමනු…. නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දෙනු

  9. Modaya says:

    මේ වගේ කාලකන්නි තමයි රට කන්නේ .මේ අපතයෝ තවත් තියාගෙන ඉන්නවනේ .මුන් තමයි ඉස්සරහට පළාත් සභා……………..පාර්ලිමේන්තු……අගමැති..janadhipathi..වෙලා රට කන්නේ.මේ වගේ උන් මෙතනින්ම දේශපාලනයෙන් චුත කරල දාන්න මිනිස්සු දැන්වත් කටයුතු කරන්න ඕනෑ😥

  10. Narakaadipathi says:

    Trying for “Tit for Tat”.(Ekata Eka Kireema -Paliganeema). Meyawa maasa hayakata daannai thibune.

Main News