තුන්දහසක ආහාර වේලක් මන්ත‍්‍රීවරුන්ට දෙසීයකට.. නවක මන්ත‍්‍රී හමුව උණුසුම්..

August 27, 2020 at 11:20 am | lanka C news
තුන්දහසක ආහාර වේලක් මන්ත‍්‍රීවරුන්ට දෙසීයකට.. නවක මන්ත‍්‍රී හමුව උණුසුම්..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු සඳහා ලබා දෙන ආහාර වේලක වටිනාකම රුපියල් 3000ක් වුවත් එය රුපියල් 200ට ලබාදෙන බව පැවසීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.

නවක මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ පැවැති වැඩමුළුවේ දී මෙම උණුසුම් තත්වය ඇති වී තිබේ.

පාර්ලිමේන්තුවේ ආහාරපාන සහ සේවා පහසුකම් ගැන එහි මුදල් අධ්‍යක්ෂවරයා විසින් සිය දේශනය කරද්දී මෙම තත්ත්වය ඇතිවිය.

එහිදී ඔහු සඳහන් කළේ මන්ත්‍රීවරයෙක් සඳහා උදෑසන ආහාරය රුපියල් 100කට, දිවා ආහාරය රුපියල් 200කට කෙටි ආහාර සඳහා රුපියල් 50ක මුදලකට ලබා දෙන බවයි.

නමුත් න්ත්‍රීවරයෙකුට රුපියල් දෙසීයට ලබා දෙන්නේ රුපියල් 3000ක් වටිනා ආහාර වේලක් යැයිද ඔහු පැවසීය.

ඒ අවස්ථාවේදී නවක මන්ත්‍රීවරුන් සඳහන් කළේ මන්ත්‍රීවරුන් සඳහා නිවසින් ආහාර රැගෙන ඒම සුදුසු බවයි.

තුන්දහසක ආහාර වේලක් රුපියල් දෙසීයකට කෑම දෙන බව සමාජගත කිරීම තමන්ට ලැජ්ජාවක් යැයිද ඔවුහු සඳහන් කළහ.

පාර්ලිමේන්තුවේ දවසකට 2000කට වැඩි පිරිසක් ආහාර ලබා ගන්නා බවක් අයවැය දිනයේ දී එය 3000 ඉක්මවා යන බවත් එහිදී හෙළිවිය

70,103 views

28 Comments to “තුන්දහසක ආහාර වේලක් මන්ත‍්‍රීවරුන්ට දෙසීයකට.. නවක මන්ත‍්‍රී හමුව උණුසුම්..”

  1. Roshan says:

    Rata rakinna nèda parliament yewwe. Rakinna sakthiya aaharayen ganna oñe eyaalata

    • john the baptice says:

      මේ නිසා තමයි මන්ත්‍රී වීමට අපේ රටේ සමහර පුද්ගලයින් පොරකන්නේ ….රට අගාදයට ගියත් මන්ත්‍රීවරුන්ට සැප සම්පත් ලැබෙනවා

  2. Upul says:

    What nonsense is this? This should be stopped immediately.They should be paying the regular price of Rs.3000 not Rs200. If they cannot afford to pay, then, they should bring their meals from home.

Main News