තුන්මාසයක් උදුන රත්කල ජනපතිට-අගමැතිට ස්තුතියි..- ජාතියේ වීරවංශය අධිකරණ බිමේ සිට රණ හඬ අවුලයි..[Video]

April 7, 2017 at 1:20 pm | lanka C news
තුන්මාසයක් උදුන රත්කල ජනපතිට-අගමැතිට ස්තුතියි..- ජාතියේ වීරවංශය අධිකරණ බිමේ සිට රණ හඬ අවුලයි..[Video]

මාස තුනක් සිරගතව සිට අධිකරණයෙන් ඇප ලබා ගත් තමාට අගමැති හෝ ජනපතිගෙන් හිගා කා ඇප ලබා ගැනීමේ උවමනාවක් නොතිබූ බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (07) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරි අවස්ථාවේ දින 87කට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සදහන් කළේය.

‘මට ඇප ලබා දෙන්න කියලා නීතිඅංශවලට අගමැතිවරයා උපදෙස් දී ඇත්නම් එයින් පැහැදිලි වෙන්නේ, මාව දින 87ක් රදවාගෙන ඇත්තෙත් ඔහුගේ උපදෙස් මත බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉන් ඔහු කර ඇති අවමානය ඉතාමත් බරපතළයි. අද පළව ඇතැයි කියන ප‍්‍රවෘත්තියෙන් පෙනී යන්නේ බළලා මල්ලෙන් එළියට පැන ඇති ආකාරයයි.

ඒ වගේම කියන්න ඕනි, අපට අගමැතිවරයාගෙන් පමණක් නොවෙයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් හෝ හිගා කාලා ඇප ලබා ගන්න කිසිදු උවමනාවක් නැහැ. අපි මාස තුනක් හිරේ හිටියේ ඒ අයගෙන් හිගා කාලා ඇප ලබා නොගත්ත නිසයි. අධිකරණයෙන් ලැබුණු ඇපවල ලකුණු දමාගන්න කවුරුහරි බොරු ෂෝ දමනවා නම් ඒක ඉතා පහත් පෙළේ උත්සාහයක්.

ඒ වගේම මම ස්තූතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, ජනපතිතුමාටත් කිසිදු පිළිගතහැකි චෝදනාවකින් තොරව මාව මාස තුනක් හිරේ දාලා මේ රටේ දේශපාලනයේ ඉදිරි පරිච්ජේදය නව ජවයකින් ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දීම පිළිබදව. අපි මතක්කර දෙන්න ඕනෙ එක කාරණයක්.

උදුන රත් වුණාට පස්සේ තමයි වානේ හොදට පදම් වෙන්නේ. උ`දුන රත් කරපු ඒ සියලූම මහත්වරුනට මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවනීතියේ අවනඩුවේදී අපට සහාය දැක්වූ සියලූම මාධ්‍ය ආයතනවලටත්, අසත්‍ය පුවත් මවමින් අපට මඩ ගසා අපේ සිතට ධෛර්යයක්ගෙනදුන් ඇතැමුන්ටත් අප ස්තුතිය පළ කරනවා.’

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා

ප‍්‍රශ්නය:- අද අධිකරණ පද්ධතිය ස්වාධීනද?

අද පුවත්පත් ගණනාවක තිබෙනවා අගමැතිවරයා විමල් වීරවංශට ඇප ලබා දෙන ලෙස නීති අංශවලට උපදෙස් දුන්නා කියා. ඒ ප‍්‍රවෘත්තිය නිවැරදි නමි අධිකරණය ස්වාධීනයි කියන අපේ සිතුවිල්ල ප‍්‍රශ්නාර්ථයකට ලක් වෙනවා. අධිකරණය ස්වාධීන නම් විමල් වීරවංශට ඇප ලබා දීමට අගමැතිවරයාට උපදෙස් දෙන්න බැහැනේ… ඒ නිසා ඔබ අධිකරණය ස්වාධීනද? කියන ප‍්‍රශ්නය ඇසිය යුත්තේ, විමල් වීරවංශට ඇප ලබා දීමට උපදෙස් දුන්නැයි කියන අගමැතිවරයාගෙනුයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

187 views
Main News