තුන් ඉරියවු ක‍්‍රිඩකයා ලෝක කුසලාන සංචිතයට නම් කරන්න තේරීම් කමිටු සාමාජික අල්ලස් අරන්..

April 21, 2019 at 12:02 am | lanka C news
තුන් ඉරියවු ක‍්‍රිඩකයා ලෝක කුසලාන සංචිතයට නම් කරන්න තේරීම් කමිටු සාමාජික අල්ලස් අරන්..

එන මාසේ දී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයෙකු ඇතුළත් කර අල්ලස් ලබා ගෙන ඇතැයි නෙත් මාධ්‍ය ජාලය වාර්තා කරයි.

මේ සඳහා තේරීම් කමිටු සාමාජිකයෙකුට අදාල තුන් ඉරියවු ක‍්‍රීඩකයා විසින් අල්ලස් ලබාදී ඇති බවද ඔවුන් සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා මෙම ක්‍රීඩකයාට ලැබෙන මුදලින් 10% එකී තේරීම් කමිටු සාමාජිකයාට ලබාදෙන එකඟතාවය මත ක්‍රීඩකයා ලෝක කුසලාන සංචිතයට ඇතුළු කැර ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන් විසින් තේරීම් කමිටු සභාපති ලසන්ත මෙල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් හෙළි කරන්නේ නම් පරීක්ෂණයක් කල හැකි බවයි.

74 views
Main News