තුන් ලක්‍ෂයක හමුදාව බේරාගන්න දැන් එකම ක‍්‍රමයයි.. සරත් ෆොන්සේකා පිස්සෙක් බව සහතික කළ යුතුයි..

September 12, 2017 at 12:15 am | lanka C news
තුන් ලක්‍ෂයක හමුදාව බේරාගන්න දැන් එකම ක‍්‍රමයයි.. සරත් ෆොන්සේකා පිස්සෙක් බව සහතික කළ යුතුයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට යුද සමයේ සිටි හමුදාපති ප්‍රකාශ කළාට පස්සේ තවත් ඔප්පු කරන්න සාක්ෂි අවශ්‍ය නෑ.  ඒ නිසා තමයි වසර අටක් පුරා චෝදනා නැගුවත් සාක්ෂි නැතුව ඔප්පු කරන ගන්න බැරිව අසරණ වී සිටි දෙමළ බෙදුම්වාදින් ප්‍රිතියෙන් ඔකඳ වෙලා ඉන්නේ. අද ෆොන්සේකා මහතා ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වෙලා. අද ෆොන්සේකාව වර්ණනා කරන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා, සංක්‍රාන්තික දෙමළ ඊළාම් රාජ්‍යයේ නියෝජිතයින් වැනි අය.

හමුදාපති තමන් යටතේ සිටි හමුදාව යුද අපරාධ කළා කියලා පිලි ගත්තාට පසු එහෙම වුණේ නෑ කියලා වෙන කාටවත්ම කියන්න බෑ.  දැන් ඉතින් යුද අපරාධ ඔප්පු කරන්න දෙයක් නෑ. රණවිරුවන්ට දඬුවම් කිරීම පමණයි ඉතිරිවී තිබෙන්නේ.  මේ නිසා ලක්ෂ තුනකට අධික රණවිරුවන්ගේ ජීවිත අනතුරේ.  දැන් රණවිරුවන් බේරා ගැනීමට තිබෙන එකම විකල්පය මේ ප්‍රකාශය කලේ මානසික රෝගියෙකු කියන එක විතරයි.  වෙනත් වචන වලින් කිව්වොත් සරත් ෆොන්සේකාව මෑඩ් ෆොන්සේකා බවට පත් කිරීමෙන් විතරයි.  ඇත්තෙන්ම ඒක එතරම් අපහසු නෑ.

මානසික රෝගියෙකු හඳුනා ගැනීමට ප්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා.  පළමු ලක්ෂණය තමයි තමන්ට පිස්සු නෑ කියන එක. ඔබත් දැක ඇති අංගොඩ රෝහලට මානසික රෝගියෙක් ගෙදර අය විසින් රැගෙන යද්දී රෝගියා කියන්නේ මට ඇති පිස්සුවක් නැ. මාව අත අරින්න කියලයි.  ෆොන්සේකාත් තමන්ට පිස්සු කියලා පිලි ගන්නේ නෑ.  මට පිස්සු නෑ කියලා තමයි කියන්නේ. දෙවැනි ලක්ෂණය තමයි අනුන්ට පිස්සු කියපු එක.  ෆොන්සේකා ගෞරවණීය මහා සංඝරත්නයටත් පිස්සු කියා පවසනවා අපි දැක්කා.  තෙවන ලක්ෂණය තමයි කාටවත් පාලනය කරන්න බැරි අයුරින් හැසිරීම. අපිට මේ වනවිට පේනවා ජනාධිපතිතුමන්ටවත් අගමැතිතුමන්ටවත් කිසිම පාලනයක් නැ. ඒ අය ෆොන්සේකා මහතාගේ මතය ආණ්ඩුවේ මතය නොවෙයි කියනවා මිසක් ෆොන්සේකාව පාලනය කර ගැනීමේ හැකියාව නායකයින්ට නෑ කියලා. මේ ලක්ෂණ තුනම ෆොන්සේකාට තිබෙනවා. ඒ නිසා ඔහුට හොදටම පිස්සු කියලා ඔප්පු කරන එකනම් හරිම පහසුයි. දැන් රණවිරුවන්ට ආදරේ කරන රණවිරුවන් බේරාගත යුතුයි කියලා හිතන  කවුරු හරි කැළණිය පැත්තේ ඉන්නවා නම් කළ යුත්තේ ෆොන්සේකාව කුදලා ගෙන මානසික රෝහලට ගෙනැවිත් ඔහුට ප්‍රභල මානසික රෝගයක් තිබෙන බවට වෛද්‍ය සහතිකයක් ගැනීමයි.  රණවිරුවන් බේරා ගන්න තිබෙන එකම ගැලවිජ්ජාව මෙපමණයි.  දැන් ෆොන්සේකාව කුදලා ගෙන එන්න ගියාම “මට ඇති පිස්සුවක් නෑ.  පිස්සු නටන්නේ නැතුව ඉන්නවා“ කියලා එන අයට පහර දෙන්න උත්සාහ කරාවි“.  ඒකට සැලෙන්න එපා.  මානසික රෝගියාගේ පළමු ලක්ෂණ දෙක තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නේ.  “මට පිස්සු නෑ.  තොට පිස්සු“ කියන එක මානසික රෝගීන්ගේ පළවෙනි රෝගී ලක්ෂණ දෙක.

සරත් ෆොන්සේකා ඇමතිවරයාගේ හැසිරීම පිළිබද ආණ්ඩුවේ නිහඩ පිලිවෙත ගැන අපට තියෙන්නේ බලවත් සැකයක්.  එකම එක දවසක් තත්පර කීපයක් නාලිකා දෙකක මේජර් ජනරාල් කමල් ගුණරත්ත මහතා කළ ප්‍රකාශයට දින පහක් ඇතුලත ප්‍රථිචාර දක්වන අපේ අතිගරු ජනාධිපතිතුමන් ෆොන්සේකා දින පතාම සිදුකරන ප්‍රකාශ නොයිසු කන්ව සිටින්නේ , අතිගරු ජනපතිතුමනි ගරු අගමැතිතුමනි අවාසි දේ නොඇසෙන රෝගය ඔබ දෙපලටත් වැලදී ඇත්දැයි අපට ප්‍රශ්න කරන්න සිදු වෙනවා.

ඒ වගේම අපට සාධාරණ සැකයක් මතුවෙනවා 8 වසරක් පුරාවට දෙමළ බෙදුම් වාදීන්ට ඔප්පුකරගන්න බැරුව දගලපු යුධ අපරාධ පිළිබද කාරණය, එම පදනම් විරහිත චෝදනාව ඔප්පුකර දීමට සරත් ෆොන්සේකා කරළියට ගෙන ආ යුතු නිසාද ඔහුට ප්‍රාදේශිය සභාවකටවත් යා ගැනීමට වත් ඡන්දයක් ලබාගැනීමට බැරිව සිටියදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනැවිත් කැබිනට් අමාත්‍ය දූරයක් ලබාදී කෝටි හතක වාහනයක් ලබාදුන්නා කියලා.  ඔහු ලවා මේ ප්‍රකාෂය කියවා ගැනීම සදහා ඔහුට මේ සියල්ල ලබාදුන්නා දැයි කියන සාධාරණ සැකය මේ නායකයින්ගේ නිහැඩියාව නිසා අපට ඇතිවෙනවා.

ඒ වගේම සරත් ෆොන්සේකා මහතාට අපට දැන් කියන්න වෙන්නේ මෑඩ් ෆොන්සේකා කියලයි. මොකද මේ කරන ප්‍රකාශවලට අනුව එතුමන්ට හොද සිහිය තිබෙනවා කියලා අපි පිළිගත්තොත්නම් රණවිරුවන් ඉවරයි.

– අරවින්ද අතුකෝරල

109 views