තුන් හැවිරිදි දරුවෙකු නයෙක් දෂ්ඨ කිරීමෙන් මිය යයි…

November 18, 2019 at 2:07 am | lanka C news
තුන් හැවිරිදි දරුවෙකු නයෙක් දෂ්ඨ කිරීමෙන් මිය යයි…

කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ නිවසක සිටි තුන්හැවිරිදි පිරිමි දරුවෙකුට නාගයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

තුන් හැවිරිදි දරුවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරයාගේ එකම පුතනුවන් වන අතර රාත්‍රියේ සිය දරුවා නිදන කාමරයේ සිට එලියට ගොස් මද වේලාවකින් නැවත නිදන කාමරයට පැමිණ නිදාගත් බවටත් පසු උදෑසන දරුවා අවදි නොවීම හේතුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කල බවට මිය ගිය දරුවාගේ පියා පොලීසියට පවසා ඇත.

දරුවා කිලිනොච්චිය රෝහලට රැගෙන යාමෙන් පසුව වෛද්‍යවරුන් සිදු කරන ලද පරික්ෂාවකින් පසුව පවසා ඇත්තේ ඒ වන විටත් දරුවා මිය ගොස් ඇති අතරම නාගයෙකුගේ විෂ ශරීරගත වීමෙන් දරුවා මිය ගොස් ඇති බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,952 Viewers
Main News