තුන් හැවිරිදි පිරිමි ළමයෙකු බස් රථයකට යට වේ…. වතු කම්කරුවන් නොසන්සුන්…

April 13, 2019 at 8:02 am | lanka C news
තුන් හැවිරිදි පිරිමි ළමයෙකු බස් රථයකට යට වේ…. වතු කම්කරුවන් නොසන්සුන්…

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොල්  වතුයායේ සිට බගවන්තලාව දක්වා ධාවනය වු  පෞද්ගලික බස් රථයකට තුන් හැවිරිදි පිරිමි ළමයෙකු  යට වි බරපතල ලෙස තුවාල ලබා  දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

12 පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ බගවන්තලාව ලොයිනොන් ප්‍රධාන මාර්ගයේ කැම්පියන්  නගරයේදිය.

තම පියා සමග සිංහල දමිල අලුත් අවුරුද්ද සදහා කොන්ඩය කැපිම සදහා කැම්පියන් නගරයට පැමිණ කොන්ඩය කැපිමෙන් අනතුරුව පියාගෙන් මිදුණු ළමයා ප්‍රධාන මාර්ගය හරහා මාරුවිමට යාමේදි අධික වේගයෙන් කැම්පියන් සිට බගවන්තලාව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයේ ඉදිරිපස රෝදයට යට වි ළමයා බරපතල ලෙස තුවාල ලබා ඇති බව බගවන්තලාව පොලිසිය කියා සිටියේය.

අනතුර සිදුවිමෙන් අනතුරුව කැම්පියන් නගරයට ආසන්නව පදිංචි වතු කම්කරුවන් නොසන්සුන්කාරි ලෙස හැසිරුණි.

අනතුරෙන් පසු පෞද්ගලික බස් රථයේ රියදුරා පලා ගොස් බගවන්තලාව පොලිසියට භාර වි ඇත.

අනතුර පිලිබදව බගවන්තලාව පොලිසිය පරික්සණ  පවත්වයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

20 views
Main News