තුනෙන් දෙක අපට වැඩක් නෑ.. ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු..

November 28, 2021 at 3:00 pm | lanka C news
තුනෙන් දෙක අපට වැඩක් නෑ.. ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු..

පුරසාරම්  දෙඩවීමට පෙර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් බව සිහියේ තබාගත යුතුව ඇතැයි  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  කොළඹ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර මේ දිනවල පවතින මතභේදාත්මක තත්ත්වය පිළිබද ව මාධ්‍ය වේදින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුවක් පවත්වාගෙන යාමට තුනෙන් දෙකේ බලයක් අත්‍යවශ්‍ය නොවන බවයි.  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරිම වැනි  පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම වැනි ඇතැම් විශේෂ කරුණු සදහා පමණක් තුනෙන් දෙකේ බහුතර පාර්ලිමේන්තු බලයක අවශ්‍යතාවය මතු වන බව පෙන්වා දෙයි.

ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා  මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා  අවශ්‍ය නම් ඕනෑම  කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

ඉකුත් මහ මැතිවරණයේදී “මෛත්‍රිපාල සිරිසේනට ගෑවුණු කෙනෙකුට  ඡන්දෙ දෙන්න එපා” යි තමන් කළ ප්‍රකාශයද සිහිපත් කල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, රටත්, රටේ ජාතික ආරක්ෂාවත්, විනාශ වූයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය නිසා යැයි වැඩිදුරටත් මෙහි දී කියා සිටියේ ය.

– ප්‍රදීප් අනුර කුමාර

23,712 views

14 Comments to “තුනෙන් දෙක අපට වැඩක් නෑ.. ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු..”

  1. තුණරංග ගම්පහ කපටි පවුල says:

    මුගෙ නරිවාදම රෙද්ද පල්ලෙ බේරෙනවා… ඇගෙ හැටියට මොලෙ තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ…මූට මානසික රෝගයක්… ගම්පහ කපටිම පවුල මුන්… මොන පැත්ත ආණ්ඩුකලත් මුන්ගෙ එකෙක් ඇමති.. මූට දරුණු මානසික රෝගයක්…

  2. ඇරියොත් ඇරියා says:

    මෙතන දැන් ඵක ඵක වේසා බල්ලෝ සෙට් ඵකක් ජෙප්න්ට දීලා බලමු කියලා පොඩි මත වාදයක් පටන් අරන් හීනියට….යකෝ උනුත් පහුගිය හවුල් ආණ්ඩුවල හිටියෙ මොන ලබ්බක්ද කලේ…විජිත හේරත්ගේ හොර සල්ලි මිලියන ගාණක් ( පැනමා පත්‍රිකා ) වල තිබුණෙ, ලපයගේ හොර ගෑණිට අරන් දීපු ගෙදර උගේම නමට අයර්ලන්තෙ ,ඵතකොට උගෙ ළමයි ඉගෙන ගන්නෙ ඵංගලන්තෙ ,ඒ විතරක්ද අමුඩ ගහගෙන ජනතාවගෙන් හිඟා කාලා කැට හොලවපු සල්ලි මුන්ගෙ බැලුවොත් කෝටි ගාණක් ඵක දුප්පත් මනුස්සයෙකුට කෑම වේලක් දීලා තියෙනවද ඒ සක්කිළි.උන්ගෙ මුලස්ථානය කොහොමද හරියට පාර්ළිමේන්තුව වගේ හැමදාම වී 8 වර්ගයේ අධි සුඛෝපබෝගී වාහන කීයක් ඒක ඉස්සරහ නවත්තලා තියෙනවද…? මුන් සේරම පට්ට හොරු ….ජනාතාව අතරින්ම හොඳ නායකයෙක් බිහිවුනොත් බලමු….අපි හැමදාම රැවටෙන්නෙ නැහැ මුන්ට….දෙසිය විසි පහම හොරු ඵක බල්ලෙකුට තොපිලගෙ ගෙවල් පැත්තෙ පස් පාගන්න දෙන්න ඵපා….ගහලා පන්නපියව් …නිකම් නෙවි උන්ගෙ ඇඳුම් ගලවලා හෙළුවෙන්…ඵහෙම කරලා දාපියව් සමාජ මාධ්‍ය වල…මුළු ලෝකෙටම බලා ගන්න රට කාපු..විකුණපු පකයො දැන ගන්න ..ගිය පාර හොර බැසිලා සාටක බාටක ගලවලා( බයියො රවට්ටන්න අඳින හොර සාටකේ ) කොහොමද ගිහින් ආපහු ආව හැටි කාළකණ්‍නියා…..

  3. ගම්පහ මොළ බයියෙක් says:

    මේ කාළකණ්නියට හරි මුන්ගෙ රණතුංග පවුලත් රාජපක්‍ෂ පවුල වගේ ගෑවුණු තැන හොරා කනවා…මුංගෙ පවුලෙ ඵකෙකුට ආයෙම ඡන්දෙ දෙන්න හොඳ නැහැ ගහලා පන්නන්න ඕනේ මේ වගේ අට පහේ අපතයෝ

  4. Mevan says:

    Kalagediyak dala balanna, ayeth 2/3 hambuwei da kiyala.

Main News