තුර්කියේ රුසියානු තානාපති මරා දැමූ ISIS ත්‍රස්තවාදියා ඇමති විජේදාස කියූ ආකාරයේ වැදගත් සාමාජ මට්ටමක අයෙක්..

December 22, 2016 at 12:05 am | lanka C news
තුර්කියේ රුසියානු තානාපති මරා දැමූ ISIS ත්‍රස්තවාදියා ඇමති විජේදාස කියූ ආකාරයේ වැදගත් සාමාජ මට්ටමක අයෙක්..

ත්‍රස්තවාදීයාට ඔහුගේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය එක අවස්ථාවකි. එහෙත් ත්‍රස්තවාදීන්ගේ ඉල්ලකයට ගොදුරු වූ පුද්ගලයා ලැබෙන සෑම අවස්ථාවකම එයින් බේරි ජීවිතය රැකගැනීමට වග බලා ගත යුතුය.

ශ්‍රීලංකාවේ ජනතාව මෙවෙනි වෙඩි තැබීම් බෝම්බ ප්‍රහාරයන් මෙන්ම සිවිල් ජනතාව ඉලක්ක කොට ත්‍රස්තවාදීන් විසින් එල්ල කල ප්‍රහාරයන් හමුවේ සිදු වූ සමූල ඝාතනයන් 2008 වසරට පෙර නිතරම අසන්න දකින්න ලැබුන සාමාන්‍ය තත්ත්වයකි.

එදා යුරෝපයේ ත්‍රස්තවාදී සිදුවීම් කලාතුරකින් වත් අසන්න ලැබුණේ නැත,එහෙත් ශ්‍රීලංකාවේ තිබු 30 වසරක බිහිසුනු කොටි ත්‍රස්තවාදී යුද්ධයක් පෑවතුනි.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛව රජය ත්‍රිවිධ හමුදාවේ මෙහෙයවීමෙන් ශ්‍රීලංකාව කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම නිසා රටේ සියලුම ජනතාවට සාමයෙන් සමගියෙන් සිටීමට අවස්ථාවක් ලැබුනි.

එහෙත් එදා ලෝකයේ ඉතා සාමකාමීව තිබු රටවල් අද ඉතා දරුණු මට්ටමේ මුස්ලිම් අන්තවාදී ISS ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුහුණ දෙමින් සිටි.

මේ එවෙනි භායනක අවස්ථාවකි. යුරෝපයේ තුර්කි රටේ අන්කරා නගරයේ පවැති ප්‍රදර්ශනයකට සහභාගිවෙමින් සිටි එරට රුසියානු තානාපති වරයා මුස්ලිම් ISS ත්‍රස්තවාදීයෙකුගේ වෙඩි පහරකට ලක්ව මිය ගියහ.

එමෙන්ම පසුගිය දා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද කියා සිටියේ ලෝකයේ මේ වනවිට සිටින දරුණුතම ආගමික ත්‍රස්තවාදී සංවිධානයක් වන මෙම වෙඩි තැබීම සිදුකල ත්‍රස්තවාදීයා අයත් වන මුස්ලිම් ISS ත්‍රස්තවාදී සංවිධානයට බැදීමට ශ්‍රීලංකාවේ වැදගත් පවුල්වලින් 38 දෙනෙකු සිරියාවට ගොස් ඇති බවයි.

මෙහිදී රුසියානු තානාපතිවරයාට වෙඩි තබන ත්‍රස්තවාදීයාද ඉතා වැදගත් සමාජ මට්ටමක් නියෝජන කරන බැව් ඔහුගේ හැසිරීම මෙන්ම ඇද සිටින යුරෝපීය ඇදුම් කට්ටලය අනුව පැහැදිලි වේ. ඒත් විජේදාස අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට මුස්ලිම් සංවිධානයන් ඇතුළු නොයෙකුත් දේශපාලන පාර්ශවයන්ගෙන් විවේචන එල්ල විය,

විඩීයෝව මෙතනින්

43 views
Main News