තුර්කි FETO ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.. තුර්කි තානාපති ලිඛිතව රජයට දන්වයි.. නම් හා ගුවන් බලපත් අංක මෙන්න..

May 1, 2019 at 10:40 am | lanka C news
තුර්කි FETO ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.. තුර්කි තානාපති ලිඛිතව රජයට දන්වයි.. නම් හා ගුවන් බලපත් අංක මෙන්න..

තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය.

තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය.

ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක මහතා කීය.

තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.

රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී ඔහු පැවසුවේ 2015 වසරේ සිටම මේ කරුණු ශ්‍රී ලංකා රජයට දැන් වූ බවයි.

ෆෙටෝ සංවිධානයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මකව සිටියේ යැයි ද එම සියලු කරුණු සවිස්තරාත්මකව ශ්‍රී ලංකා රජයට දැන් වී යැයි ද ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ රහස්‍ය ලේඛනවල කෙනන් අව්සාර්(U 12243311), ඊබ්‍රාහිම් ටොම්කින් (U 01847956), හකාන් අර්ස්ලාන් (U 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන් 50 දෙනෙකුගේ නම් සහ විදෙස් ගමන් බලපත් අංක හා එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන දේශීය ආයතන නවයක නම් හා ලිපින අන්තර්ගතය.

‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ නම් සහ ගමන් බලපත් අංක පහත දැක්වේ.

– lankadeepa

39 views

21 Comments to “තුර්කි FETO ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.. තුර්කි තානාපති ලිඛිතව රජයට දන්වයි.. නම් හා ගුවන් බලපත් අංක මෙන්න..”

  1. sakalabujan says:

    රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  2. Sunil Aththanayake says:

    දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත .ක්‍රමානුකුලව රට පුරා වියාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත .ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත,සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය .එහි ප්‍රථිපල දැන් මෙසේ හමුවෙමින් පවතී …!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන් ,මුජබීර් ,හිස්බුල්ලා ,හකීම්,අසාර්ඩ් සාලි , මරික්කාර් ,වැනි මුස්ලිම් දේශපාලුවන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ දී තිබීම ඉතා භයානකය .මෙයට සියළු බල ලෝභී සිංහල දේශපාලුවන් වගකිව යුතුය.. …!!!

  3. Saradiel says:

    මහජනතාව ගේ පරම යුතුකම මේ රටට නුසුදුසු දුබල මේ නායකයින් රජයෙන් පන්නා දැමීමයි

  4. sathya says:

    Please ask whether they also have things that we could clean our gardens.

    Mosques in Sri Lanka have things stored to clean gardens

  5. පොරමෝලා says:

    ඇමරිකානු හස්තයක් මේ පිටුපස ඇත්නම් ත්‍රස්තවාදී ව්‍යාපාර මැඬලීම ඉතා බැරෑරුම් කටයුත්තක් වනු ඇත

Main News