තුර්කි FETO ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.. තුර්කි තානාපති ලිඛිතව රජයට දන්වයි.. නම් හා ගුවන් බලපත් අංක මෙන්න..

May 1, 2019 at 10:40 am | lanka C news
තුර්කි FETO ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.. තුර්කි තානාපති ලිඛිතව රජයට දන්වයි.. නම් හා ගුවන් බලපත් අංක මෙන්න..

තුර්කි ජාතික ත්‍රස්ත සංවිධානයක් වන ‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර තුර්කි තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිසි පියවර නොගත්තේ යැයි හිටපු විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය.

තම මව් රටේදී ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තුර්කි තානාපතිවරයා 2017 හා 2018 යන වසර වලදී සිව් වතාවක් සිහි කැඳවී යැයි ද තමා ඊට අදාළව ලද සියලු ලේඛන ආරක්ෂක අමාත්‍යංශයට ෆැක්ස් මගින් දෙවතාවකදී යොමු කළේ යැයි ද සේනානායක මහතා අවධාරණය කළේය.

ඉන්පසු ආරක්ෂක අමාත්‍යංශයෙන් ඒ ගැන සෝදිසි කරන බවත් ඊට අදාළ විමර්ශන ඉන් අනතුරුව අයත් වන්නේ ආරක්ෂක මණ්ඩලයට යැයි ද සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දීමක් කළේ යැයි ද සේනානායක මහතා කීය.

තමා විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා හැටියට පත්වීමට පෙරද තුර්කි තානාපති කාර්යාලය මගින් මේ බව රජයට දැනුම් දී ඇතැයි කී හෙතෙම ෆෙටෝ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ විදෙස් ගමන් බලපත් අංක පවා අදාළ රහස්‍ය ලේඛන අතරේ තිබුණේ යැයි ද සඳහන් කළේය.

රජය මේ ගැන නිසි පියවරක් නොගැනීම නිසා තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් ඒ ගැන විමසා ඇතැයි ද එහිදී මුස්ලිම් ජාතික දේශපාලකයන් දෙදෙනෙකුගේ මැදිහත්මක් නිසා විමර්ශන කටයුතු අඩාල වී ඇති බවට ආරක්ෂක අමාත්‍යංශයෙන් තානාපතිවරයාට දන්වා ඇතැයි ද සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතාගෙන් මේ ගැන කළ විමසීමේදී ඔහු පැවසුවේ 2015 වසරේ සිටම මේ කරුණු ශ්‍රී ලංකා රජයට දැන් වූ බවයි.

ෆෙටෝ සංවිධානයට සම්බන්ධ සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල ක්‍රියාත්මකව සිටියේ යැයි ද එම සියලු කරුණු සවිස්තරාත්මකව ශ්‍රී ලංකා රජයට දැන් වී යැයි ද ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ රහස්‍ය ලේඛනවල කෙනන් අව්සාර්(U 12243311), ඊබ්‍රාහිම් ටොම්කින් (U 01847956), හකාන් අර්ස්ලාන් (U 03445289) ආදී වශයෙන් ෆෙටෝ සංවිධාන සාමාජිකයන් 50 දෙනෙකුගේ නම් සහ විදෙස් ගමන් බලපත් අංක හා එම සංවිධානයට සහාය දක්වන්නේ යැයි කියන දේශීය ආයතන නවයක නම් හා ලිපින අන්තර්ගතය.

‘ෆෙටෝ‘ හෙවත් ෆට්තුල්ලා නමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 දෙනාගේ නම් සහ ගමන් බලපත් අංක පහත දැක්වේ.

– lankadeepa

395 views

21 Comments to “තුර්කි FETO ත‍්‍රස්තවාදීන් 50ක් ලංකාවට.. තුර්කි තානාපති ලිඛිතව රජයට දන්වයි.. නම් හා ගුවන් බලපත් අංක මෙන්න..”

  1. Dushantha says:

    ෂුවර් එකටම ගෝඨාගෙන් පඩි අරන් මෙහෙට ආපු තව කට්ට්යක් වෙන්ඩ ඈති. කක්කුස්සි කටා ඈමති තුමාගෙන් ඈහුවනන් හෙලි කරයි.

    • one shot says:

      Dushantha bro,ෂුවර් එකටම​ ත්‍රස්තවාදීන්ට පඩි ගෙවනව කියල (දතා)කාණු කටාර් සීනියර්,ඒක තමයි කිව්වෙ.2017-2018 කාලෙ නම් උගේ මොන්ටිසෝරි කාණු කටාර් ජූනියර් පුතණ්ඩි වෙන්න ඇති උන්ව ගෙන්වූයේ.එහෙම නම් මුන්ට පඩි ගෙවන්න ඇත්තෙ Aloysius and batterfly treasury private limited එකෙන්ම තමයි.මේ හෙලිදරව්ව දත් තිස් දෙකම ගැලවෙන වැඩක්.

    • Garasarapa says:

      ගෝට කියන්නේ එතකොට සර්ව ආගමික අන්තවාදියෙක්. මොකද මේ ලගක් වෙනකන් සිංහල බවුද්ද අන්තවාදියෙක් වෙච්චි. දැන් දැන් මුස්ලිම් අන්තවාදියෙක් වෙච්ච.

  2. asela says:

    This means the politicians the bastards are permitted to do any crime and get away scot free. This culture should be changed dear countrymen

  3. sakalabujan says:

    Pita ratawalin ewith inna okkomala iknata yawanna….

    • Exclusive.A says:

      Fethullah Gullen ඇමෙරිකාවේ රැකවරන ලබන ත්‍රස්තවාදියෙකි.2016 දී අර්ඩොගාන්ව බලයෙන් පහ කිරීමට කල කුමණ්ත්‍රණයට මොහුට හා ඇමෙරිකාවට චෝදනා එල්ල විය.
      Ankara also accuses Washington of collaborating with U.S.-based Turkish cleric Fethullah Gulen in the 2016 failed coup that left an estimated 150 people dead. The U.S. denies the accusation.Turkey has asked the U.S. to extradite Gulen, who lives in self-imposed exile in Pennsylvania and has denied all involvement in the coup attempt.

      • Habeeb Jamaldeen says:

        The Name list is former management and learnium international school at Rajagiriya. Now all ready sold to a different management. they were here since 2009

  4. kawinda says:

    kauru aawath bayawenna epaa. ape usa FBI eka ewilla apiwa aaraksha karanawa ne..?

    • Sun says:

      Don’t think so. They come and crate problems find ways of selling arms to one side then others want more sophisticated ones. That is their nature.

  5. Chanu says:

    අපිට මේකට සම්බන්ධ දේශිය ආයතන 9 විස්තර ටිකක් දෙන්න. අපි උන් ගාවට නොයා ඉමු. අපි මේ තුර්කි කාරයන් හොයමු.

  6. Gunaratne says:

    Wasantha Senanayake. Shameless Donkey. Need more money???
    Why not you say this while you were minister?

  7. sathya says:

    What are the 9 Local Institutions that these Terrorists are having a connection (As said above)

  8. NAK says:

    Uncle John how about free visa’s for them!

  9. Citizen says:

    Must inquire from Foreign Ministry to find out who are the two Muslim politicians who interfered to halt investigation and arrest immediately for questioning.

  10. Sinnaporan says:

    Sinjala cunning and selfish deshapaluwoo ( I don’t like to call them as politicians have been destroying this cherries ed motherland since 1977