තෙරවප්පෙරුම අමු කුණුහරුපෙන් ගොපල්ලන්ට බැණ කුළු හරක් බේරාගනී..

May 15, 2018 at 10:00 am | lanka C news
තෙරවප්පෙරුම අමු කුණුහරුපෙන් ගොපල්ලන්ට බැණ කුළු හරක් බේරාගනී..

වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නුවරඑලිය ප‍්‍රදේහයේ සංචාරය කරමින් සිටියදී අඹේවල ප්‍රදේශයේ හිංසාකාරීව ගැටගසා සිටි කුලු හරකුන් 12 දෙනෙකු නිදහස් කලේය.

එම කටයුත්තට සම්බන්දන පුද්ගලයින් 7 දෙනෙකුද වාහන 2 ක්ද පොලිසිය බාරයට පත් කිරීමටද ඔහු කටයුතු කලේය.

නුවරඑළිය සංවර්ධන කමිටු තීරණයක් මත මෙම ගවයන් අම්බලංගොඩ ප්‍රදේශයට ගෙන යාමට සූදානම් කර තිබූ බව එම පුද්ගලයන් ප‍්‍රකාශ කලද නියෝජ්‍ය ඇමතිවරයා ඒවා මායිම් කලේ නැත.

ඇමතිවරයා විසින් එහිදී නොසරුප් වචනයෙන් බැණ වැදුනු අතර රූපවාහිනී නාලිකා විසින් එම වචන ඉවත් කර විකාශණය කලේය.

199 views
Main News