තෙල්දෙණියට විරෝධය පෑ කල්මුනේ 30ක් අත්අඩංගුවට..

March 7, 2018 at 12:00 pm | lanka C news
තෙල්දෙණියට විරෝධය පෑ කල්මුනේ 30ක් අත්අඩංගුවට..

දිගන මඩවල හා පල්ලේකැලේ ආදි ප්‍රදේශවල ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට එරෙහිව විරෝධතාව දැක්‌වීම සඳහා හර්තාල් ව්‍යාපාර දියත් කර උද්ඝෝෂණය කරමින් කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් 30 දෙනකු කල්මුණේ පොලිසිය මගින් ඊයේ (06 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මරුදමුනේ – සායින්දමරුදු හා නම්පට්‌ටිමුනේ ප්‍රදේශවල මෙසේ කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් අත්අඩංගුවට ගත් අතර මොවුන් සමග යතුරු පැදි හා පාපැදිද පොලිසිය භාරයට ගෙන ඇත.

ඉහත ප්‍රදේශවල කලු රෙදිවලින් මුහුණ වසාගෙන උද්ඝෝෂණකරුවන් උද්ඝෝෂණය කරමින් කලහකාරි ලෙස හැසිරුණු අතර මරුදමුනේ ප්‍රදේශයේ බස්‌ රථ දෙකකටද ගල් ප්‍රහාර එල්ල කළහ.

මොවුන් සියලු දෙනා අද (07 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

– Divaina

0 views

2 Comments to “තෙල්දෙණියට විරෝධය පෑ කල්මුනේ 30ක් අත්අඩංගුවට..”

  1. roshan says:

    අය මේ නිතිය දකුණට නැත්තේ?

    • නයා says:

      දකුණේ කිසිම කලබලක් නෑ සම්පූර්ණ සාමකාමියි
      ඉතින් ඇයි නීති ක්‍රියාත්මක කල යුත්තේ

Main News