තෙල්දෙණිය-දිගන ගැටුමේ වාසිය මෙන්න මෙයාටයි…

March 8, 2018 at 12:00 pm | lanka C news
තෙල්දෙණිය-දිගන ගැටුමේ වාසිය මෙන්න මෙයාටයි…

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

අපිට ඉතාම කණගාටුයි මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඇමතිතුමන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා පළාත් පාලන මැතිවරණයෙන් පසු තමයි මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් ප්‍රහාර ආරම්භවී තිබෙන්නේ කියලා. අම්පාර සිදුවීම සහ මහනුවර සිදුවීම සිදුවුනේ මැතිවරණයෙන් පසු තමයි. නමුත් මැතිවරණයට සති දෙකකට කලින් තමයි ගිංතොට සිදුවීම සිදු වුනේ. එයට නායකත්වය දුන් බවට සැක කරමින් අත්අඩංගුවට ගත්තේ බෝපේ පෝද්දල ප්‍රාදේශය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක්. ඒ නිසා හරි තැනට ඇගිල්ල දිගු නොකර විවිධ මත සමාජයේ හදලා ඇවිලෙන ගින්නට පිදුරු දමන්න එපා කියලා අපි රවුෆ් හකීම් ඇමතිතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

මේ ගැටුමින් ඒකාබද්ධ විපක්ෂයට ඇති වාසියක් නෑ. ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තරග කරලා සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකට වඩා වැඩි පිරිසක් ආකර්ශණය කරගෙන තියෙනවා. අපිට ඊට වඩා සිංහල සමාජයේ ඉදිරියට යන්න බෑ. අපි ඊලගට බලන්නේ අවශ්‍ය සුලු ජාතික ඡන්ද ආකර්ශණය කරගන්න. බණ්ඩාරවෙල හා බේරුවල නගරසභා ස්වාධීන කණ්ඩායම් හරහා ජයග්‍රහණය කිරීමෙන් අපි මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගැනීමත් ආරම්භ වෙලා තියෙනවා. එවැනි පසුබිමක ඇයි මුස්ලිම් ජනතාවට පහර දෙන්න ඒකාබද්ධ විපක්ෂය හෝ පොදු ජන පෙරමුණ සංවිධානාත්මකව කටයුත් කරන්නේ. ඒ නිසා රාවුෆ් හකීම් ඇමතිතුමාගේ තර්කයට කිසිදු පදනමක් නෑ.

මේ ගැටුමෙන් එජාපයට නම් ලොකු වාසියක් තියෙනවා. පෙබරවාරි 10 වෙනිදා සිට මෙතෙක් මේ රටේ මාතෘකා වුනේ අගමැතිවරයා ඉවත් කිරීම . ඊට කලින් මේ රටේ ප්‍රධාන මාතෘකාව බැදුම්කර වංචාවේ හොරුන්ට තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට තවමත් ඇවිත් නෑ. ගේන්න පොරොන්දු වූ අගමැතිතුමන් කරපු කිසි දේකුත් නෑ. නමුත් මේ ගැටුම විසින් අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය පහව ගොස් තිබෙනවා. බැදුම්කර වංචාව බඩු මිලේ ප්‍රශ්නය ජනතාවට අමතක වී තියෙනවා. හ් වෙනුවට සිංහලයන් සහ මුස්ලිම් වරුන් එකිනෙකා දෙස සැකයෙන් කෝපයෙන් බලන්න පටන් අරන් තියෙනවා. සමස්ථයක් ලෙස රටේ ප්‍රශ්න අමතක කරලා අළුත් ප්‍රශ්නයක් ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙනවා. කාටද මින් වාසි ලැබෙන්නේ. ආණ්ඩුවට මිසක් වෙන කාටවත්ම නෙවෙයි.

අගමැතිතුමන් නීතිය හා සාමය අමාත්‍යංශය බාරගත් වහාම මෙවැනි සිදුවීමක් ඇතිවීම අතිශයින්ම සැක සහිතයි. 1983 ජුලි කලබල ඇතිවෙද්දී තිබුනේත් එජාප ආණ්ඩුවක්. එදා රණවිරුවන් 13 දෙනෙක් බිම්බෝම්බයකට ගොදුරු වී ඇති වු හදිසි මරණ හේතුවෙන් ජනතාව තුල ඇතිවු ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට හරවා ආණ්ඩුව තමන්ගේ ඇග බේරාගත්තා. රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට පත්වුයේ කෙසේදැයි විග්‍රහ කරමින් රාජන් ගූල් වැනි දෙමල විද්වතුන් පොත් පවා ලියා තිබෙනවා. මේ සිදු වෙමින් පවතින්නේත් ආණ්ඩු විරෝධය සමනය කරගැනීමේ උපායක් ද?

අපට තියෙනවා වැදගත් ප්‍රශ්නයක්. එදා කුමාරසිංහට පහරදුන් මුස්ලිම් ජාතිකයන් වහා අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට යුහුසුලු වු පොලීසියට කවුද අත පොවල වෙනතකට යොමු කලේ . කිසිදු හේතුවක් නැතිව අහිංසක නිරායුධ 24 දෙනෙක් අත්අංගුවට අරගෙන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පොලීසියට උපදෙස් දුන් හස්තය කුමක්ද කියන එක සොයා ගත යුතු ව තිබෙනවා.

මේ රටේ තිත්ත ඇත්ත නම් පසුගිය කාලයේ සිංහල සහ මුස්ලිම් සමාජ දෙක අතරේ එකිනෙකා කෙරෙහි සැක මුසුව බලන ප්‍රවනතාවක් මතු වුනා. ඒ පිලිබද විවිධ කරුණු මතුවනවා. මේ කාරණාවල ඇත්ත නැත්ත සෙවීමට සහ තෙල්දෙණියේ ගැටුම ආරම්භ කිරීමට මුලික වු පුද්ගලයන් සහ රාජ්‍ය යාන්ත්‍රණය හැසිරුණු ආකාරය පිළිබදව සෙවීමටත් වහාම ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි. එවිට අපිට සොයා ගත හැකි ඇඳිරිනීතිය මැද පහරදීම් සිදු කිරීමට පසුබිම සැකසුනේ කොහොමද? 24 දෙනා අහේතුක ව අත්අංගුවට අරගෙන මේ මහා ගැටුමට පාර කැපීමට පොලීසිය තල්ලු කලේ කවුද? ඒ වගේම ප්‍රදේශයේ ජනතාවගේ හද ගැස්ම හදුනන මන්ත්‍රීවරයෙක් ලෙස දිලුම් අමුණුගම මන්ත්‍රිතුමා කල අනතුරු ඇඟවීම නොසලකා හැරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙලබුවේ කවු ද? කියන ප්‍රශ්න වලට මෙවැනි කොමිසමක් හරහා උත්තර හොයාගන්න පුළුවන් වෙිවි.

මේ මොහොතේ සාමකාමී වී රට ගිණි ගොඩක් ලේ විලක් වීමට දායක වෙන්න එපා කියලා ගැටුම් වලට මැදිහත්වෙලා සිටින සියලුම දෙනාගෙන් අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

54 views

4 Comments to “තෙල්දෙණිය-දිගන ගැටුමේ වාසිය මෙන්න මෙයාටයි…”

  1. දත්කොටා says:

    මෙිව කියන කොට මට මම ගැනම දුකයි බං.

  2. daminda says:

    langa nowa dura balanna

  3. ranaweera gunasena says:

    ජාති වාදය
    කාලය…කලු ජූලිය
    ස්තානය…පිටකොටුව
    කලබල අතර ඉන්දියන් බෝරකාරයින්ගේ කඩද පුළුස්සා දමයි.ජේ.ආර්. ආණ්ඩුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම කඩ රාජසන්තක කරයි.ඉන්දිරා ගාන්දි අගමැතිනිය දුරකතනයෙන් තර්ජනය කරයි.ගහෙන් වැටුන මිනිහට ගොනා ඇනීම වැනි එම ක්‍රියාවෙන් ආණ්ඩුවේ අරමුණ එළිවිය.පැය 24න් ගැසට් නිවේදනය අවලංගු විය.මෙහෙයුම ඇතුලත්මුදිලිගේය.

  4. sena says:

    මුස්ලිම් වරුන්ගේ වැරැද්ද හිතාමතා සිංහල ජාතියට වඩා වර්ගයා බෝකිරීමයි . මෙයට පල්ලියේ සහ අරාබි ලෝකයේ සහය ලැබෙන බව පෙනේ ලංකාව මුස්ලිම් කිරීම කෙසේවෙතත් අනාගතයේ මීට වඩා විශාල වශයෙන් ලේ වැගිරීම් සිදුවීමට ඉඩ තිබේ

Main News