තෙල් ඉල්ලා ඉන්ධන පිරවුම්හලකට ගල් ගහයි..
June 23, 2022 at 12:00 pm | lanka C news
ගල්ගමුව සමුපකාර ඉන්ධන පිරවුම්හලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඉන්ධන ලබා ගැනීමට අතිවිශාල පිරිසක් පෝලිම්වල රැඳී සිටිය ද ඉන්ධන අවසන් වූ බවට එහි සේවකයන් පැවසීමත් සමග මෙම තත්ත්වය උදාවී තිබේ.
පිරවුම්හල් සේවකයන් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අංශ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සුළු ඉන්ධන සංචිතයක් ඉතිරිව ඇති බවයි.
නමුත් පෝලිමේ සිටි ජනතාව සඳහන් කර ඇත්තේ ඉතිරි ඉන්ධන සියල්ල ලබාදෙන ලෙසයි.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත පිරිස විසින් පිරවුම්හලට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එය වැළැක්වීමට ගිය පොලිසියට ද බාධා කරමින් පිරිස හැසිරී ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බංකොලොත් වූ රටක මෙවැනි අරාජික තත්වයක් ඇතිවිය හැකි බව අපි ලෝක ප්‍රවෘත්තිවලින් දුටුවාට මේ ආණ්ඩුව යටතේදි අත්දකින්න හැකිවී තිබෙනවා. වෘත්තිකයන් හා විශේෂඥයන් පිරිසකට රට භාරදී ජනපති හා අගමැති ඉල්ලා අස් නූනොත් තත්වය දිනෙන් දින නරක අතර හැරෙන එක විතරයි වෙන්නෙ.
තෙල් පෝලිම් වල දුක් විදිමින් සිටින්නේ නැතුව අරගල භුමිය ඇවිත් මේ ජන පිඩිත ආණ්ඩුව පලවා හරිමු .
Okta thama kiyanne 87/88.
Who destroyed the Government property ?
O’ka thama Jeppo/Peretto/ ratto/ Kuru Kutto/Kuddo/IUSF balaya alla ganna karana dewal.
May’ka thama unge ugath kama.
Why? They know people will never caste their vote for them at an election