‘තෙල් ගේන්න දෙන්න පුළුවන් ඩොලර් මිලියන 150යි.. ලබන මාසේ ඒකවත් බෑ..’ – මහ බැංකුව.. මාසික අවශ්‍යතවය මිලියන 600…

July 26, 2022 at 10:40 am | lanka C news
‘තෙල් ගේන්න දෙන්න පුළුවන් ඩොලර් මිලියන 150යි.. ලබන මාසේ ඒකවත් බෑ..’ – මහ බැංකුව.. මාසික අවශ්‍යතවය මිලියන 600…

මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය සඳහා මාසිකව ලබා දිය හැකි වන්නේ ඩොලර් මිලියන 150ක් 200ක් පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ නමුත් මෙරටට මාසික ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 550ක් 600ක් පමණ අවශ්‍ය වන බවයි.

මෙම තත්ත්වය මත ඉන්ධන නිකුත් කිරීම උපරිම සීමා කිරීමට ජාතික ඉන්න බලපත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බවද හෙතෙම සඳහන් කළේය.

ඉන් ඉන්ධන ඉල්ලුම උපරිම සීමා කිරීමට අදහස් කරන බවත් ඔහු පැවසීය.

එළැඹෙන මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 150 ක මුදල වත් ලබා දිය නොහැකි බව දැනුම් දී ඇති බවද පැවසූ ඔහු එනිසා විකල්ප ක්‍රමවේද හරහා ඩොලර් රැුස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් කියා සිටියේය.

රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

53,745 views

11 Comments to “‘තෙල් ගේන්න දෙන්න පුළුවන් ඩොලර් මිලියන 150යි.. ලබන මාසේ ඒකවත් බෑ..’ – මහ බැංකුව.. මාසික අවශ්‍යතවය මිලියන 600…”

  1. NWO says:

    ගුණාත්මක තත්ත්වයෙන් ඉහලම තිරිඟු නිශ්පාදකයා සහ ලොව අංක 1 තිරිඟු අපනයනකරුවා රුසියාවය.බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිශ්පාදනයේද අංක 1 ස්ථානය රුසියාවට හිමිය.එහී අනෙක් විශේෂත්වය නම් රුසියන් තෙල්, ගෑස් සහ තිරිඟු පිටි සාපේක්ෂව මිලෙන් අඩු වීමය.
    ඩොලර් නැතිකම අප දෙරට අතර වෙළදාමට බාදාවක් නොවේ. රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලංකාවේ තේ සහ කුළුබඩු සමග හුවමාරුවට ඇති හැකියාව නව ප්‍රවනතාවයකි.ලොව ප්‍රධාන පොහොර නිශ්පාදකයෙක් සහ ලොව අංක 1 පොහොර අපනයනකරුවා වන රුසියාව අපේ වී ගොවිතැන, තේ, එළවළු සහ අනෙකුත් භෝග වගාවන්ට උර දෙනු ඇත.
    මෙතෙක් පැවැති ලංකාවට අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සහ ඒකාධිකාරීන් බිඳ රුසියාවෙන් තෙල්, ගෑස්, තිරිඟු පිටි සහ පොහොර ලාංකික ජනතාවට ලාබෙට සහ අඛන්ඩව ලබා දීමට පොලිට්බියුරෝව (Politburo) සහ මහනුවර මිත්‍රත්ව සාමූහිකය අරඹා ඇති සටන හා එක්වන්න.

    • අනන්තෙන් ආ ලප කුමරා says:

      රුසියාවෙ පුප උරන් නැතුව හිටපන් බූරුවො

    • Charith says:

      ඩොලර් මිලියන 600 කින් අලුත්ම electric වාහන 40,000 මාසෙකට විතරක් රටට මිලදී ගන්න පුලුවන් .මේවා චාර්ජ් කරන්න යන්නෙ සියයට 60 ක් ජල විදුලිය සුලන් විදුලිය සූර්ය විදුලිය .තෙල් නෙවෙයි.ඉතින් ඩොලර් මිලියන ගානක් මෙකෙන්ම ඉතිරි කරන්න පුලුවන්.කරොත් හොද වැඩක්.

  2. George rajapaksha says:

    My congratulations, go a head. We can success. 🌹🌹

  3. කමල් says:

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති ටුවිටර් කංචන හෙවත් කයිවාරු කංචන.

    මෙතෙක් කල් කල සේවය.

    1. වැඩිම මිලකින් තෙල් ඉහල දැමීම

    2. දිගුම තෙල් පෝලිම් සැදීම

    3. තෙල් පෝලිමේ මරණ හදුන්වා දීම

  4. S.Vitharana says:

    තෙල් ගේන්න බැරිනම් කරුනාකරල ඇමති කම අතහැරල යන්න. අපට තෙල් වලට වායදම වගේ දෙගුනයක් විතර ගෙවල පැය ගනනක් පෝලිම් වල ඉඳල දැන් අපටත් මල පැනල ඉනනේ.

  5. Lalla says:

    එතකොට කබරයා ඕන තරම මුදල් තිබෙන බව කීවේ ඩොලර් හොරට මුද්‍රණය කරලද?

  6. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් පත් කර රට බේරා ගනිමු !

  7. ගරසරප says:

    ඩොලර් අපි නැතිකරගත්තෙ කොහොමද? පාතිමා ඩුබායි ඉදල එවන ඩොලර් බැංකුවට දැම්මම පියදාස ඒව රුපියල් විදිහට අරගෙන මුදලාලිට දීල බඩු ගන්නවා. මුදලාලි ඒ රුපියල් ට්‍රේඩර්ස් එකට දීල වාහනයක් ගත්ත කියමු. දැන් ට්‍රේඩර්ස් එකෙන් රුපියල් ටික බැංකුවට දීල ඩොලර් අරන් ජපානෙට යවනව වාහනේ ගෙන්නන්න. ඩොලර් ගියා.

    ප.ලි. බැංකුවට නොයව උන්ඩියල් කලාම පාතිමාට වැඩිපුර සල්ලි ලැබෙනවා. නමුත් මුදලාලිට රටින් බඩු ගෙන්නන්න ඩොලර් ඕන. බැංකුවෙ ඩොලර් නෑ
    උන්ඩියල් කාරය ඩොලර් දෙන්නෙ පාතිමාගෙන් ගත්තටත් වඩා වැඩි ගානට. දැන් මුදලාලි අර වැඩි ගානට හරියන්න බඩු මිල උස්සනවා. පියදාසට කඩේ ගියාම තරු පේනවා.

  8. McGuire says:

    Improve on fuelpass , crate a priority card for people who would deposit USD or denomination in CPC designated bank account and allow them to draw 20USD worth fuel on priority basis. Should be able to attract at least a portion of financing.

  9. Pussy cat says:

    Meaw meaw I thought the mastet butterfly was a dollar spinner. He now appears nothing but the usual butterlanda murder

Main News