තෙල් නැවක් දවස් තුනෙන් ඉවරයි.. නැවත ගේන්න ඩොලර් අර්බුදය උපරිමයේ..- ගම්මන්පිල

January 9, 2022 at 3:22 am | lanka C news
තෙල් නැවක් දවස් තුනෙන් ඉවරයි.. නැවත ගේන්න ඩොලර් අර්බුදය උපරිමයේ..- ගම්මන්පිල

රටට අවශ්‍ය වන පෙට්ට්‍රල් ඩීසල් ගෙන්වීම සඳහා ඩොලර් සොයා ගැනීම සඳහා පුදුම දුකක් විඳින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්ධන නැවක් ගෙන ආ පසු දින තුන හතරකින් ඉවර වන බවත් ඉන්ධන නැවක් ගෙන්වීම සදහා ඩොලර් මිලියන 25-60 ත් අතර මුදලක් වැය වන බවත් ඔහු පැවසීය.

විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව අතර ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පැහැදිලි කළේය.

“ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීලා තියෙනවා තවදුරටත් ණයට ලබාදෙන්නේ නෑ. පිටරටින් දේවල් ගේද්දී ඩොලර්වලින්ම මුදල් ලබාදෙන්න ඕනේ. මේ රටට අවශ්‍ය පෙට්‍රල් ඩීසල් සඳහා ඩොලර් හොයා ගන්න අපි පුදුම දුකක් විඳින්නේ. අපි ඒ දුක දන්නවා.

නැවක් ගේනවා.. දවස් තුනෙන් හතරෙන් ඉවරයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 25ත් 60ත් අතර ගාණක් යනවා තෙල් නැවක් ගේන්න.

අපි දැවැන්ත පීඩනයක ඉන්නේ. අපිට ඒ අතරේ තවත් අමාත්‍යාංශයක පීඩනයත් අපේ ඔළුව උඩට ගන්න බෑ. ඒ අමාත්‍යාංශවල ඉන්න අය ඒ පීඩනය දරාගන්න ඕනේ. හිඟන්නෙකුට භාර දෙන්න බෑ දුප්පත් මිනිහෙක්ව බලාගන්න. තෙල් සංස්ථාව අද විදුලිබල මණ්ඩලයට වඩා දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ”

බලශක්ති අමාත්‍යාංශයයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන්ද හෙතෙම මෙසේ පැහැදිලි කලේය.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අත්සන් තැබුණු ගිවිසුමට හුඹස් බියක් විරෝධයක් මතුවෙමින් පවතින බව පේනවා. ඔවුන් නගන තර්ක වලට අප මේ වන විට උත්තර දී තිබුණත් නැවත වතාවක් ඒවාට උත්තර දීමට සිදුවෙනවා.

2003 ගිවිසුම අනුව ටැංකි 99ම ඉන්දියාවට දී තිබිය දී විරෝධය පළ නොකල අය ඒ ටැංකි 99න් 85ක්ම ලංකාවේ පාලනයට ගන්නා විට ඊට විරෝධය පළ කරන්නේ ඇයි? දෙවන ලෝක යුද සමයේ දී හැරුණු විට පසුගිය වසර සීයටම කිසිම අවස්ථාවක ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වීමට ඉඩ හැර තිබුණු තෙල් ටැංකි සංකීර්ණය අපේ රටේ ප්‍රයෝජනයට ගන්නා විට විරුද්ධ වෙන්නේ ඇයි? අපේ නිලධාරින්ට තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු වෙන්න ඉඩ නොදුන්නාට විරුද්ධ නොවුණු අය එතැන ජාතික කොඩිය ඔසවනවාට විරුද්ධ වෙන්නේ ඇයි? මේ පෙන්වන්නේ දේශප්‍රේමය ද නැතිනම් ඉන්දියානු ප්‍රේමය ද කියන ප්‍රශ්නය අපට මතුවෙනවා. වැඩ කාගේද වුණත් මුදල් කාගේද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

ජවිපෙ සහ සමගි ජන බලවේගයේ විරෝධයට ඇහුම්කන් දීමට පෙර 2021 ජනවාරි 4දා ඒ පක්ෂ නියෝජිතයින් සමග දෙරණ වාදපිටියේ දී මම කළ විවාදය නරඹන මෙන් මම මේ රටේ ජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම මීට විරුද්ධව කතා කරන වෘත්තීය සමිති නායකයින්ට ඇහුම්කන් දීමට පෙර ඔවුන් සමඟ මම 2021 ඔක්තෝම්බර් 14 දා හිරු බලයේ දී කළ විවාදය නරඹන මෙන් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාළු ගෙවල් වල වලං බිඳිනවා වාගේ තනියම කියන වීර කතා සියල්ලම අපි විවාද වල දී කුඩුපට්ටම් කළා.

හැමදාම එකම බොරුව කියන විපක්ෂය තවත් වසර දෙකකින් ලංකාවට හිමි වෙන්න තිබුණු තෙල් ටැංකි 14ක් ආණ්ඩුව විසින් වසර 50කට ඉන්දියාවට දුන්නා කියනවා. ඊයේ ඔය බොරුව කිව්වේ තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා. 2021 ඔක්තෝම්බර් 6 දා කබීර් හසීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරුන් ඔය බොරුව පාර්ලිමේන්තුවේ දී කිව්වාම මම ඒක තිබෙන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියා අභියෝග කළා. අද වන තුරු ඒක ඉදිරිපත් කරන්න ඒ අය අසමත් වෙලා තිබෙනවා. ඉදිරිපත් කළේ නෑ නෙවෙයි ඉදිරිපත් කරන්න බැහැ. මොකද එහෙම තිබෙන ගිවිසුමක් නැති හන්දා. ඒ ඉදිරිපත් කරන්න එහෙම ගිවිසුමක් නැති නිසා. මම කතා කරන්නේ ලිඛිත සාක්ෂි ඇතිව. 2003 ටැංකි 99ම ඉන්දියාවට දුන්නු ගිවිසුම මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අමාත්‍යාංශයේ සහ මගේ වෙබ් අඩවි වල ඒක තිබෙනවා. හැමෝටම දැනගන්න පුළුවන් ලිඛිත සාක්ෂි ඇතිවයි අපි කටයුතු කරල තියෙන්නෙ. විපක්ෂය තමන් කියන කිසිම දෙයකට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත්තේ ඒ අය බොරු කියන නිසා.

ජාතික සම්පත් සුරැකීමේ තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානය මේ ගිවිසුමට එරෙහිව උද්ඝෝෂණයක් කරනවා කියා ආරංචියි. මම නැගෙනහිර ජැටිය බේරා ගැනීමේ සටනේ දීත් නිව් ෆෝට්රස් එනජි විරෝධි සටනේ දීත් මම ඒ අය සමඟ සිටියා. මම ඒ අයගේ සටන් සඟයෙක්. විපක්ෂය වපුරන බොරු මත උද්ඝෝෂණ කරන්නේ නැතුව මාව හමුවෙලා ලිපි ලේඛණ පරික්ෂා කරලා ඇත්ත දැනගෙන උද්ඝෝෂණ කරන්න කියා මම ඒ අයට ආරාධනා කරනවා. ඊට මේ තෙල් ටැංකි සම්බන්ධ ඉතිහාසයත් අපි මුහුණ දුන් අභියෝග අපි රටට ලබාදුන් ජයග්‍රහණ පිළිබඳව අපිට කරුණු පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සෙත් උද්ඝෝෂණය කරනවා කියලා එතුමන්ලා තීරණය කරනවා නම් ඒක එතුමන්ලාගේ අයිතියක් අපි ඒකට ගරු කරනවා.

ගිවිසුම නිසා ඉන්දියානු නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය අල්ලා ගනීවි කියා දැන් අළුත්ම බිල්ලෙක් මවනවා. දැන් ඉන්දියාවට තිබෙන්නේ ටැංකි 14යි. පසුගිය වසර 19 පුරාම ටැංකි 99ම තිබුණේ ඉන්දියාවට. ටැංකි 99ම තිබෙන විට ඇතුල් වෙච්චිනැති ඉන්දියානු නාවික හමුදාව ටැංකි 14ක් ලැබුණම ඇතුල්වෙන්නේ ඇයි කියලා අපි ඒ පච ප්‍රකාශකයන්ගෙන් ප්‍රශ්න කරනවා.

– media unit

 

37,633 views

8 Comments to “තෙල් නැවක් දවස් තුනෙන් ඉවරයි.. නැවත ගේන්න ඩොලර් අර්බුදය උපරිමයේ..- ගම්මන්පිල”

  1. sam says:

    තොපි රටවලින් ණයට $$ අරගෙන Prado ගෙනකොට, රට සවාරි ගිහින් මුදල් නාස්ති කරනකොට, ණය අරගෙන ප්ලේන් එන්නේ නැති airport හදනකොට, විනොදෙට රොකට් යවන කොට, ගෑනුන්ට ළමයිට පිට රට වලින් ගෙවල් අරන් දෙනකොට, හෙන්චන්යියෝන්ට තානාපති කම් දෙනකොට අනාගතේ මෙහෙම දෙයක් වෙයි කියල නිකමටවත් හිතුනේ නැද්ද?

  2. සක්‍රයා says:

    ලංකාවට ඩොලර් ලැබෙන සියලු මාර්ග අවහිර කර රට බංකොලොත් කල යුතුය. එවිට උත්තරීතර යැයි කියා ගන්නා තක්කඩි හොරුන්ගේ පාර්ලිමේන්තු රාජ්‍ය පාලනය සහමුලින්ම බිද වැටෙන අතර නව රාජාණ්ඩු පාලනය ක්‍රමයක් සදහා අවස්ථාව ලැබෙනු ඇත

  3. ලංකා​ව says:

    ඉවරයි, ඉවරයි, නෑ නෑ, බෑ බෑ කියලා ඉන්නද ඕයි උඹලා පාර්ලිමේන්තුවට ආවේ. බැරිනම් අයින් වෙලා පලයන්කෝ, උඹලාගේ නෑ, බෑ කතා අහලාම එපා වෙලා තියෙන්නෙ.

  4. Citizen says:

    Sri Lankan s need to face the reality with regard to it’s energy needs. Our demand is much more than the supply and it keeps growing all the time which means our import bill will be unbearable soon.

    We need to take measures to control the demand to be more manageable… reduce waste and misuse and give up the luxury of subsidised fuel.

    Continue to live on denial is not the answer..

  5. Sirimal says:

    Easy answer. If you can’t bear the pressure please go home. Those who can will take over. You are supposed to serve the people. For that you must toil and undergo hard ship not enjoy luxury. Please go home.

  6. Tissa attanayaka kotana ydney baduwa ann sepalika says:

    Mangalage mila suthryata kochok daapu ekey pawa thamai gewanne😴🧐🥺🤮🤮🤮

  7. Tissa attanayakage hora gaeni baduwa ann sepalika says:

    Mangalage mila suthryata kochok daapu ekey pawa thamai gewanne👺👹😡🤮🤮🤮

    Reply

  8. sunimal says:

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට අත්සන් කල නරුමයා ගැන මොන කතාද?

Main News